ගෝමතී ගඟ සුද්ද කරන්න ‘කුණු බෝට්ටුවක්’

ඉන්දියාවේ ලක්නව් හරහා ගලා යන ගෝමතී නදිය පිරිසිදු කිරීම සඳහා දිස්ත්‍රික් පරිපාලනය මඟින් කෘත්ිම බුද්ධිය මඟින් ක්‍රියා කරන ‘කුණු බෝට්ටුව’ ක් හඳුන්වා දි තිබේ.

මෙම බෝට්ටුවේ පළමු අත්හදා බැලීම ලක්ෂ්මන් මේලා ගාට් හි දී බදාදා සිදු කරන ලද අතර දිස්ත්‍රික් කොමසාරිස් රොෂාන් ජේකබ් හා පරිසර ලේකම් අශිෂ් තිවාරි එම කටයුත්ත හා එක්ව සිටි බව ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වෙබ් අඩවිය වාර්තා කරයි.දින 30ක කාලයක් බෝට්ටුවේ අත්හදා බැලීම් සිදු කිරීමට නියමිතය.

“බෝට්ටුවේ ඇති දැල මඟින් ගංඟාවේ තිබෙන ඉතාම කුඩා අපද්‍රව්‍යයක් පවා ඉවත් කිරීමට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ගොඩබිම ඉඳලා පුද්ගලයෙකුට බෝට්ටුව


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම බෝට්ටුව නිර්මාණය කිරීමට මූලික වූ නවෝත්පාදන ප්‍රතිපත්ති හා සමාජ වෙනසක් සඳහා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ කරීෂ්මා සබ්රවාල් පවසයි. මෙම රොබෝ බෝට්ටුව සම්පූර්ණයෙන්ම සූර්ය පැනල මඟින් බලය ලබා ගන්නා අතර එහි ඉදිරියේ ඇති කැමරාව හරහා ජලයේ ඇති අපද්‍රව්‍ය හඳුනාගනු ලබයි.

Exit mobile version