ගෝඨා ට ආපහු රටට එන්න මේක හොඳ වෙලාක් නොවේ- ජනපති රනිල් කියයි!

Ranail-Gota

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යළි ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මෙය සුදුසුම කාලය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන පෙළේ ව්‍යාපාර මාධ්‍යයක් වන අතර වෝල් ස්ට්‍රීට් ජර්නල් වෙත පවසා තිබේ.

වෝල් ස්ට්‍රීට්.ජර්නලය සමඟ පැවති  සාකචඡාවකදී මේ බව සඳහන් කරමින් ජනාධිපති වික්‍රමසංහ  කවදුරටත් පවසා ඇත්තේ මේ අවස්ථාවේදී ඔහු යළි දිවයිනට පැමිණීම ඔහු නෙරපා හැරීමට  මුල්  වූ  විරෝධතාකරුවන් අතර යලි උණුසුම් තත්වයක් නිර්මාණය වීමට හේතුවිය හැකි බවය.

දැඩි මහජවන විරෝධතා හමුවේ මාලදිවයිනට පලා ගිය ගෝඨාභය රාජපක්ෂ  හිටපු ජනාධිපතිවරයා පසුව ජූලි 13 වැනිදා සිංගප්පූරුවට ගොස් සිය ඉල්ලා අස් වීම නිවේදනය කළේය. ඔහු සිංගප්පූරුවේ රැඳී සිටි අතර ඔහුගේ කෙටි කාලීන වීසා බගලපත්‍රය තවත් දින 14කින් දීර්ඝ කිරීමට සිංගප්පූරු රජය අවසර ලබාදී තිබුණු බව පසුගිය දා සිංගප්පුරු ද ස්ට්‍රෙට් ටයිම්ස් පුවත්පත් වාර්තා කළේය.

එමෙන්ම ‘ද ස්ට්‍රෙට් ටයිම්ස්’ සමග අදහස් දක්වා තිබුණු මෙරට රජයේ ඉහළ නිලධාරියෙකු කියා සිටියේ හැකි ඉක්මනින් ම හිටපු ජනාධිපතිවරයා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, එසේ පැමිණ ඔහු අගනුවර ආසන්නයේ පිහිටි ඔහුගේ පුද්ගලික නිවසේ නැවතත් ජීවත් වීමට උනන්දුවෙන් පසුවන බවත්ය.


වෝල් ස්ට්‍රීට් ජර්නල් ලිපිය උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරන්නේ ගෙවුණු අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 12ක පමණ විදේශ ණය ආපසු ගෙවීම අත්හිටවූ අතර 2025 අවසන් වන විට ඩොලර් බිලියන 21කට ආසන්න ණය මුදලක් ගෙවීමට ලංකාවට සිදුව ඇති බවයි.

මේ වන විට අර්බුදයකට මුහුණ පා සිටින රට යළි යහපත් තත්ත්වයකට ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටියි. එම සාකච්ඡා ප්‍රතිඵල සහගත වී තිබෙන අතර අගෝස්තු මාසයේදී එකඟතාවයකට එළඹීමට හැකිවෙනු ඇතැයි ජනාධිපතිවරයා බලාපොරොත්තු වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට අමතරව ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය ඉන්ධන, ආහාර හා පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් ලබන වසරේදී ඩොලර් බිලියන 3කට වඩා වැඩි ප්‍රමාණයක් වෙන් මූලාශ්‍රවලින් ලබා ගැනීමට සිදුවෙනු ඇතැයි වෝල් ස්ට්‍රීට් ජර්නලය සඳහන් කර තිබේ.

Exit mobile version