ගෝඨා අයියා යළි දිවයිනට එන දවස ගැන උදයංග මල්ලි කියයි!

ගෝඨාභය අසාර්ථක දේශපාලකයෙක්... ඔහුව නැවත දේශපාලනයට තෝරන්න තරම් ජනතාව මෝඩ නෑ...

ජනතා නැගිටීමක් මැද රටින් පලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගොස්තු 24 වනදා යළි දිවයිනට පැමිණිමට නියමිත බව රුසියාවේ හිටපු තානාපතිවරයෙකු වන උදයංග වීරතුංග අද (17) ප්‍රකාශ කළේය.

මිග් යානා ගනුදෙණුවේ දී ඩොලර් මිලියන 07ක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම  සම්බන්ධව චෝදනා ලැබ සිටින උදයංග වීරතුංග  එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව පිටතට පැමිණ මාධ්‍යයට ප්‍රකශයක් නිකුත් කරමින් මේ බව හෙළි කළේය.

දක්ෂ නිලධාරියෙක් වූ නමුත් දක්ෂ දේශපාලකයෙක් නොවූ  හිටපු ජනාධිපතිවරයා දේශපාලනය තුළ රැඳවීමට ජනතාව මෝඩ විය යුතු නැති බවත් ඔහු පැවසුවේය.

“මං වගේ දේශපාලන පලිගැනීම්වලට ලක්වුන ගොඩාක් අය ඉන්නවා. ඒ කිසි කෙනෙකුට ගෝඨාභය සාධාරණය ඉටු කළේ නෑ.   ගෝඨාභයට මුල අමතකවුනා. තමන්ගේ සහෝදරයා අමතකවුනා.“


“මම නම් කියනවා ඉක්මනින් ලංකාවට එන්න. ලංකාවෙ මිනිස්සු ඔහුගෙන් පලි ගන්නේ නෑ. ඔහු ආදරෙන් බලා ගන්නවා. ඔහු ලංකාවට ආ යුතුයි. ඔහු සේවයක් කරපු කෙනෙක්. නමුත් එයා ලඟ හිටපු හෙංචයියො නිසා එයාට යන්න වුනා.“

තමන් සමග ගෝඨාභය රාජපක්ෂ නිතරම කතාබහ කළ බවත් ලබන 24 වැනිදා ඔහු ලංකාවට එන බව මේ මොහොතේ කියන්නේ වගකීමකින් බවත් උදයංග වීරතුංග කීවේය. එහෙත් එය කොයි මොහොතේ වෙනස් විය හැකිදැයි තමන්ට කිව නොහැකි බවත් ඔහු ප්‍රකාශ කළේය.

දැඩි කොන්දේසි මත මේ වනවිට තායිලන්තයේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත වීසා රහිතව දින 90ක කාලයක් සිය රටෙහි රැඳී සිටීමට තායිලන්ත රජය අවසර දී ඇත.

ජූලි මස 13 වැනිදා මාලදිවයිනට පලා ගිය හිටපු ජනාධිපතිවරයා අනතුරුව සිංගප්පූරුවට ගමන් කළේය.  සිංගප්පූරුවේ  දින 28ක්   රැඳී සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනතුරුව තායිලන්තය බලා පුද්ගලික ගුවන් යානයකින් ගමන් ගත්තේය.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාට  ලංකාවට පැමිණීමට මේ සුදුසු කාලය නොවන බව පසුගියදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම අවස්ථාව හිරු පුවත් සේවය වාර්තා කර තිබුණේ මෙසේය.

Exit mobile version