“ගෝටා ගෝ හෝම්“ කී තරුණ තිසර පැය 22ක් යනතුරුත් අධිකරණයට ඉදිරිපත් කර නෑ…

නිතියට වෙට්ටු දමමින් කරන පොලිස් හැංගිමුත්තන් ගැන මානව හිමිකම් කොමිසම අවධානයෙන්...

ගෝටා ගෝ ෆේස්බුක් පිටුවේ සංස්කාරකවරයෙක් ලෙස රටේ පවතින වියවුල ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් පල  කළ 28 හැවිරිදි සරසවි සිසුවෙක් වූ තිසර අනුරුද්ධ බණ්ඩාර අද රාත්‍රී දහය වනතුරුත් කිසිම අධිකරණයකට ඉදිරිපත් වී නොතිබුණු බවත් ඔහු සම්බන්ධව ඒ වනතුරුත් නිශ්චිත තොරතුරක් නොමැති බවත් නීතිඥවරු කීහ. මේ සම්බන්ධව මානව හිමිකම් කොමිසමත් සිටින්නේ් දැඩි අවධානයකින් බව පැවසිනි.

150කට අධික නීතිඥවරු පිරිසක් රාත්‍රී 10.30 වනතුරුත්   අධිකරණ භූමියේ රැඳී සිටිමින් තිසර අනුරුද්ධ බණ්ඩාර සම්බන්ධව නිශ්චිත තොරතුරක් අපේක්ෂාවෙන් රැඳී සිටියහ.

සිද්ධිය පිළිබඳ   අදහස් දක්වමින් තිසර වෙනුවෙන් පෙනී සිටි නිතිඥ මාලක පල්ලියගුරුගේ ප්‍රකාශ කළේ  තිසරගේ ප්‍රකාශ සටහන් කරගැනීම අද සවස 5.30 වනවිට නිමා කළ බවය.


පොලිසිය කීවේ අනතුරුව ඔහුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 06 අධිකරණයේ මහේස්ත්‍රාත් තුමන් වෙත ඉදිරිපත්කරන බවය.

මේ දැනුම්වත් කිරීමත් සමග තිසර වෙනුවෙන් පෙනී සිටීමට සූදානම් වූ එකසිය පනහක පමණ නීතිඥ පිරිසක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණියහ. මෝදර පොලිසියේ සිට අධිකරණය දක්වා තිසරව රැගෙන යන පොලිස් ජිප් රථය පසුපස නීතිඥවරු සහිත වාහන පහක් ගමන් කරමින් තිබිණි.

එහෙත් එක්වරම තිසර රැගත්  පොලිස් ජිප් රථය වරාය ප්‍රවේශයෙන් වරාය තුළට ඇතුළු කළේය. නීතිඥ පිරිස රැගත් වාහනවලට ඉන් ප්‍රවේශ වීමේ හැකියා නොලැබිනි.

ඒ මොහොතේ සිට තිසර සම්බන්ධව නිශ්චිත ආරංචියක් නොමැති බව නිතිඥ නිතිඥ මාලක පල්ලියගුරුගේ කීවේය.

“මේ වනවිටත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරු 150කට අධික පිරිසක් රැඳී සිටිනවා. අපට මේ අවස්ථාවේ දී තිබෙන ප්‍රශ්නය මෙම සැකකරු කුමණ අධිකරණයකට ඉදිරිපත් කීරීමට   පොලිසිය බලාපොරොත්තු වෙනවාද යන්න සම්බන්ධවයි.“ ඔහු පැහැදිලි කළේය.

මේ අතර තහවුරු වූයේ වරාය ප්‍රවේශය හරහා වරාය තුළට ගිය පොලිස් ජිප් රථය නීතිඥවරුන් මගහැර වරාය පරිශ්‍රය හරහා පැමිණ ඉඟුරුකඩේ හන්දිය ප්‍රවේශයෙන් පිටවී ගම්පල ඇත්ගාල ප්‍රදේශයේ තිසරගේ නිවසට ඔහුව රැගෙන ගිය බවය.

කෙරෙමින් තිබුණේ අන්තවාදී අපරාධකාරයෙක් සම්බන්ධව මේ රටේ අනුගමනය කරන ක්‍රමවේදයමය. තිසරව අත්අඩංගුවට ගෙන පැය 22ක් යනතුරුත් කිසිම අධිකරණයකට ඉදිරිපත් කර නොතිබුණු බව නීතිඥවරු තහවුරු කලහ. ඔහු ඒ වනවිටත් හිටියේ පොලිසිය භාරයේය.

“හරියට නවය හමාර වනවිට තොරතුරක් ලැබෙනවා ගම්පල ප්‍රදේශයේ ඔහුගේ නිවසට රැගෙන ගියා කියලා. අප බලාපොරොත්තු වෙනවා. පැය විසි හතරක් ඇතුළත ඔහුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරයි කියලා කියන පේක්ෂාවෙන් මේ සියලුම ජ්‍යෙෂ්ඨ නීතිඥවරු ඉන්නවා.“ නීතිඥ නලීන් සිල්වා.

අද පස්වරුවේ තිසත් ගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව  ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන ප්‍රකාශ කළේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වැනි වගන්තිය අර්ථ නිරූපනය කළ යුත්තේ භාෂණයේ නිදහස යටපත් කරගෙන නොවන බවය.

ගෝටා ගෝ හෝම් කී පමණින් මහජන කැලඹුමක් ඇති වුනා සේ සලකා පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමට කිසිම සාධකයක් නැති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“භාෂණයේ නිදහස සමග තමයි මේ දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය අර්ථ නිරූපණය කරන්න ඕන. මේ භාෂණයේ නිදහස තවත් පනතකින් නැති කරන්න බෑ. අනේක ගෝටා ගෝ හෝම් කියලා පල කලා කියලා එකෙන් මහජන කැළඹුමක් ඇතිවුනා කියන්න කිසිම සාධකයක් නෑ. මේ   සමාජයේ තියන ප්‍රශ්නය ගැන කතා කරන්න ආණ්ඩුව විවේචනය කරන්න පුරවැසියෙකුට අයිතියක් තියනවා.“ ඔහු කීවේය.

 

Exit mobile version