ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

අද රාත්‍රියේ දී  බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා පිටත්ව යෑමට නියමිතව සිටින ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ   වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබන චමින්ද වාස්   සිය ගෙවීම් සහ දිමනා සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලිඛිතව විමසීමෙන් අනතුරුව  ඔහු සංචාරයකට සහභාගී වන්නේ ද නැද්ද යන්න සම්බන්ධව ගැටලුවක් මතු වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කියයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජේෂ්ඨ නිලධාරියෙකු මේ පිළිබඳව කියා තිබුණේ සඳහන් කළේ චමින්ද වාස් වේග පන්දු පුහුණුකාර තනතුර සඳහා පත් කිරිමට අදාලව ඔහුගේ ගාස්තු සහ දීමනා සම්බන්ධයෙන් සාකච්ජා කොට තීරණය කර තිබියදී ඔහු අද දිනයේ පෙර එකඟ වූ ගාස්තු වලට වඩා වැඩි ගාස්තු ඉල්ලා ලිපියක් භාරදී ඇති බවය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී   චමින්ද වාස්ගෙන් නෙත් එෆ්.එම් විසින් විමසීමේ දී පවසා තිබුණේ    සිය තනතුරට අදාළ ගෙවීම් සහ දීමනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් භාරදුන් බවත් ඒ සඳහා ප්‍රතිචාර ලැබෙන තෙක් තමන් බලා සිටින බවත්ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යම් හෙයකින් චමින්ද වාස් බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයට එක් නොවුනහොත් තේරීම් කමිටු සාමාජික ප්‍රමෝදය වික්‍රමසිංහ තාවකාලිකව එම තනතුරේ කටයුතු කිරීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version