ගෙන්දම් දමා පිරිසිදු කළ බාල කොත්තමල්ලි තොගයක් වෙළඳ පොළේ…

දීප්තිමත් බවින් වැඩි කොත්තමල්ලි මිල දී නොගන්න....සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි...

නතාෂා නෙත්මිණී –                                        

වෙළදපොලේ අලෙවි කරන දීප්තිමත්භාවයෙන් වැඩි කොත්තමල්ලි මිල දී නොගන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය ජනතාවට දැනුම් දී සිටියි.

කොත්තමල්ලි ගෙන්දගම් දමා පිරිසිදු කර වෙළදපොලට නිකුත් කිරීමේ ජාවාරමක් පිළිබව කල්මුණේ ප්‍රදේශයෙන් තොරතුරු ලැබී ඇතැයි එම ඒකකයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

කොවිඩ් වසංගතය හේතුවෙන්  කොත්තමල්ලි  සඳහා විශාල ඉල්ලුමක් පවතින බැවින් බාල කොත්තමල්ලි ගෙන්දගම් දමා පිරිසිදු කර වෙළඳපොලට අලෙවි කර විශාල වශයෙන් මුදල් ඉපයීමට මෙම ව්‍යාපාරිකයා කටයුතු කර ඇති බව හෙලිව ඇතැයිද පැවසේ.


මොහු මෙම කොත්තමල්ලි දිවයිනේ සෑම ප්‍රදේශයකටම බෙදා හැර ඇතිබව ආහාර පාලන ඒකකයට වාර්තා වී ඇතැයි ද පැවසේ.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

 

Exit mobile version