ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් කඩා වැටී යානයේ ගමන් ගත් නිලධාරීන් දෙදෙනාම මරුට…!

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා යොදාගනු ලබන PT 6 වර්ගයේ ගුවන් යානයක්  හදිසියේ කඩා වැටීමෙන් එහි ගමන් ගත් නිලධාරීන් දෙදෙනාම මියගොස් ඇති බව ගුවන් හමුදාව නිවේදනය කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පිහිටි අංක 01 පියාසර පුහුණු පක්ෂාංගයේ ගුවන් නියමුවන් පුහුණු කිරිම සදහා යොදාගනු ලබන මෙම PT 6 වර්ගයේ ගුවන් යානය  අද (07)  පෙරවරු 11 27 ට පමණ ගුවන් හමුදා චිනවරාය කදවුරු ප්‍රදේශයේ දි අනතුරකට ලක්වි ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ පැවසුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ විසින් වැඩිදුර විමර්ශන කටයුතු සදහා විශේෂ පරික්ෂණ කමිටුවක් මෙි වනවිටත් පත්කර ඇත.

 

Exit mobile version