ගුවන් තොටුපල ඇතුළුවීමේ පර්යනතයේ ස්කෑන් යන්ත්‍ර ආරක්ෂක සෝදිසි කිරීම් නවත්වයි… මගී තදබදය නිසාලු..

ගුවන්තොටුපල අනාරක්ෂිත බව සේවකයින්ගෙන් චෝදනාවක්...

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස්  පරිදි  ගුවන් තොටුපොළ ඇතුල්වීමේ පර්යන්තයේ තිබු ස්කෑන් යන්ත්‍ර හා ආරක්ෂක සෝදිසි කිරිම් සියල්ල නවතා දමා ඇති බව වාර්තා වේ.

කිසිම අධ්‍යයනයකින් තොරව මේ නවතා දැමීම සිදුකර ඇත්තේ මගී තදබදය වළක්වා ගැනීමට බව දැනගන්නට ඇත.

ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසන්නේ මෙය බරපතල තත්ත්වයක් බවත්, ගුවන් තොටුපලට ඇතුළුවන පුද්ගලයින් පරීක්ෂා නොකිරීම ගුවන්තොටුපල අභ්‍යන්තර ආරක්ෂාවට බරපතල ගැටලුවක් ඇති කර තිබෙන බවය.

මේ වනවිට ගුවන්තොටුපොළින් පිටවන  පුද්ගලයින් පමණක් නවීන ස්කෑනර් යන්ත්‍ර හරහා පරීක්ෂාවට ලක් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version