ගුවන් තොටුපලේ ගින්නක් ! ජිනිවා ගුවන් අවකාශය වැසෙයි !

ස්විට්සර්ලන්තයේ ජිනීවා ගුවන් තොටුපළ පරිශ්‍රයේ විශාල ගින්නක් මීට සුළු මොහොතකට පෙර ඇති වී තිබේ.

මේ හේතුවෙන් මේ වනවිට ජිනීවා ගුවන් තොටුපළ ගුවන් අවකාශය තාවකාලිකව වසා දමා ඇති බව ජිනිවා නුවරින් ලැබෙන වාර්තා සඳහන් කරයි.

එහි සිටින ලංකාසර නියෝජිතයා සඳහන් කළේ විශාල දුමාරයකින් ජිනීවා ගුවන් තොටුපළ සහ එහි ධාවන පථය වැසී ගිය අතර ඊට හේතු වී ඇත්තේ ඉදි කෙරෙමින් පවතින දේශපාලන සරණාගතයින් සඳහා වූ මධ්‍යස්ථානයක හට ගත් ගින්නක් බවය.

පිපිරීම් ශබ්ද කිහිපයක්ද ඇසුණු බව ද ගුවන් තොටුපළ වාර්තා සඳහන් කරන අතර ජිනිවා ගුවන් තොටුපලේ ප්‍රකාශක ඉග්නේස් ජෙනරට් පවසන්නේ මේ වනවිට සියලුම ගුවන් යානා ගොඩ බෑම් අත්හිටුවා ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම ගුවන් ගතවීම් සඳහා ධාවන පථයේ අඩක් වසා ඇති අතර ගුවන් නියමුවන්ගේ අභිමතය පරිදි ගුවන් ගත කිරීම සඳහා පහසුකම් සලසා ඇති බවද සඳහන් වේ.


Exit mobile version