ගුවන්යානා මිලදී ගැනීමේ දි සිදුවූ පාඩුවට වන්දි ගන්න ජාත්‍යාන්තර අධිකරණයේ නඩු පැවරේ…

කීර්ති ප්‍රනාන්දු –

වර්ෂ 2011 සිට 2014 දක්වා කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගුවන් යානා මිලදී ගැනීමේ දී සිදු වී ඇති බව පවසන අති විශාල පාඩුව සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම සඳහා ජාත්‍යාන්තර අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ගුවන් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

රුපියල් කෝටි විසි දහසක වන්දි මුදලක් ඉල්ලා මෙම නඩුව පැවරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වත්මන් අග්‍රාමාත්‍යවරයා  ජනාධිපතිව සිටි අවධියේ අදාල ගුවන් යානා මිලදී ගැනීම් සිදුවූවා යැයි පවසන කොමිස් මුදල් ලබාදීමේ සිද්ධිය සහ තවත් කරුණු කීපයක් මුල් කරගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සමගාමටට සිදුවී ඇති පාඩුව වෙනුවෙන් මෙම නඩුව පවරා වන්දි මුදලක් ලබා ගැනීම සඳහා කටයතු කරමින් සිටින බව ගුවන් සමාගම් ප්‍රකාශයෙක් වැඩිදුරටත් පැවසීය.


Exit mobile version