සකුරායි ඒවියේෂන් පෞද්ගලික ගුවන් නියමු පුහුණු සමාගමට අයත් සැහැල්ලු ගුවන් යානයක් බේරුවල ප්‍රදේශයකට හදිසි ගොඩබෑමක් සිදු කර තිබේ.
මෙම හදිසි ගොඩබෑම සිදුකර ඇත්තේ බේරුවල නගරයට යාබද මුහුදු වෙරළ වෙතය.
එම අවස්ථාවේ ගමන් කර ඇත්තේ උපදේශකයා සහ පුහුණු වන නියමුවකු පමණි.
ගුවන් හමුදා ගලවා ගැනීමේ කණ්ඩායමක් මේ වනවිට එම ස්ථානයට යොමු වී ඇති බවත් ගුවන් නියමුවා සහාය නියමුවා කිසිම අනතුරකින් තොරව සිටින බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ ලංකාසරට පැවසුවේය.
මේ වනවිට සකුරායි ඒවියේෂන් සමාගමේ තාක්ෂණික කණ්ඩායමක් ද එම ස්ථානයට පැමිණ ඇතැයි වාර්තා වේ.