ගුවන්තොටුපලේ ඇති වුනේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවේ… ශ්‍රී ලංකන් ගුවන් ගමන් පමාවට හේතුව කියයි!

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිරික්සුම් කවුන්ටරවල අද (25) අලුයම කාලයේ  ඇතිවූ ප්‍රමාදය සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයක් නිසා ඇති වූ තාවකාලික ප්‍රමාදයක් බවත් එය කිසිම ආකාරයක වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවන බවත්  ශ්‍රීලංකන් ගුවන් සමාගම පැහැදිලි කළේය.

මෙම ප්‍රමාදය නිවැරදි කර  එතැන් සිට පිරික්සුම් කවුන්ටර මෙහෙයුම් ස්ථාවර වී සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ද ගුවන් සමාගම කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකන් ගුවන් සමාගම අපහසුතාවයට පත් වූ  සෑම මගියෙකුගෙන්ම සමාව අයදින අතර නැවත ඇතිවීම වැළැක්වීම සඳහා තත්ත්වය අඛණ්ඩව අධීක්ෂණය කරන බවට ද සහතික වන බව පවසයි.

Exit mobile version