ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කිරීම පිළිබඳ කැබිනට් පත්‍රිකාව අද යළි කැබිනට් මණ්ඩලයට…

GL-Peiris

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් විසින් ඉකුත් සතියේ ඉදිරිප් කළ කැබිනට් සංදේශය අද පස්වරුවේ පැවැත්නෙ කැබිනට් රැස්වීමේ දී යළි සාකච්ඡාවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඉකුත් සතියේ දී මෙම සංදේශය කැබිනට් මණ්ඩලය වෙත අධ්‍යාපන ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ විට එය සාකච්ඡා කිරීම සඳහා සතියක් කල් ලබාදෙන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉල්ලීමක් කරනු ලැබීය. ඉකුත් සතියේ කල් දැමූ එම කැබිනට් සංදේශය අද කැබිනට් රැස්වීමේ දී යළි සාකච්ඡාවට ගැනෙන බව රජයේ ආරංචි මාර්ග හෙළිදරවු කළේය.

මීට පෙර ගුරු සංගම් සමග සාකච්ඡාවක යෙදුණු අගමැති මහින්ද රාජපක්ෂ ගුරු සංගම්වලට ප්‍රකාශ කර තිබුණේ අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී මෙම කැබිනට් පත්‍රිකාව සාකච්ඡාවට ගන්නා බවය.

Exit mobile version