ගුරු විදුහල්පති වර්ජනය හෙටින් නිමවන ලකුණු!

School-Children

කීර්ති ප්‍රනාන්දු –

ගුරු විදුහල්පති වැඩ වර්ජනයට හෙට (12) දින විසඳුම් ලැබෙනු ඇති බවට රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට නිර්දේශ සඳහා පත්කරන ලද අමාත්‍යමණ්ඩල අනුකමිටුව මගින් යෝජනා කර තිබූ වැටුප් වැඩිවීම අදියර දෙකකින් ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ගුරු විදුහල්පති සංගම් ද ඒ සඳහා එකඟතාවය පළ කර ඇති බවටත් හෙට දිනයේ දී ගුරු වර්ජනය අවසන් වනු ඇති බවටත් විශ්වාස කෙරේ.


ගුරු විදුහල්පති වැටුප් විෂමතාවයට විසඳුම් ඉල්ලා ගුරු විදුහල්පති වෘත්තීය සමිති විසින් ආරම්භ කරන ලද වැඩවර්ජනයට මේ වනවිට දින 94කි.

අද (11)  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා රාජ්‍ය සේවා හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අතර  අරලියගහ මන්දිරයේදී සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර  මෙම වර්ජනය අවසන් කිරීමට එම සාකච්ඡා හා බොහෝ දුරට ඉවහල් වනු ඇතැයි විශ්වාස කෙරේ.

ඒ අතර ගුරු විදුහල්පති සමාජ මධ්‍ය ජාල සමූහ අතර මෙම පණිවුඩය සංසරණය වෙමින් පවතී.

“ගුරු විදුහල්පති ගැටලුව සම්බන්ධව අද(11)  11 ට පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාව හෙට දහවල් 12ට අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිතව ඇත.

ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙත එයට සහභාගි වන මෙන් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහත්මා විසින් දැනුම් දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහින්ද ජයසිංහ
ජෝසප් ස්ටාලින්
ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය

Exit mobile version