ගුරු – විදුහල්පතිවරු හෙට උද්ඝෝෂණයේ…

අඛණ්ඩ අරගලය  හෙට අරඹන බව ගුරු විදුහල්පති වෘත්තිය සමිතිය කියයි..

ගුරු හා විදුහල්පතිවරු රාජ්‍ය සේවයේ වැටප් ව්‍යුහයේ පහළටම ඇද තිබියදී ඊට එරෙහි නැගුණු වෘත්තීය සමිති අරගල මැද  වැටුප් විෂමතා නිවැරදි කිරීමට වූ දේශපාලන පොරොන්දු ඉටු නොවීමට එරෙහිව  ගුරු – විදුහල්පති  උද්ඝෝෂණය හෙට (25) ප.ව. 1ට කුරුණෑගල නගරයේ මලියදේව ආදර්ශ විද්‍යාලය අසල පැවැත්වෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය නිවේදනය කරයි.

වැටුප් විෂමතා ඉවත් කරන තුරු අඛණ්ඩ අරගලයක නිරතවන බව එම වෘත්තීය සමිති ව්‍යාපරය කියයි.

2020 දී ගෙන ගිය අඛණ්ඩ වෘත්තීය අරගලයේ දී ගුරු – විදුහල්පති සේවාවන් සංවෘත්ත සේවා කර වැටුප් විෂමතා ඉවත් කරන තුරු අතුරු වැටුපක් ලබා දීමට බලධාරීන් පොරොන්දු වී ඒ සඳහා කැබිනට් පත්‍රිකා පවා ඉදිරිපත් වූ බව සංගමය කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2021 අයවැයෙන් වැටුප් විෂමතා විසඳීම සඳහා ප්‍රතිපාදන වෙන් කරන  බව කී නමුත් අයවැයෙන් ඒ පිළිබඳව වචනයක්වත් ප්‍රකාශ නොවූ බවත්, ඊට එරෙහිව නැගී සිටිද්දී අයවැයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් නොකළත් 2021 ජනවාරි මස සිට වැටුප් විෂමතා අඩු කරන බව අධ්‍යාපනය ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී පොරොන්දු වූ බවත්,  මේ දේශපාලන පොරොන්දුවලට තවදුරටත් රැවටෙමින් නොසිට අරගලය ආරම්භ කරන බවත් සංගමය පවසයි.

Exit mobile version