ගුරුවරු පාරට ඇදලා දැම්මේ මේ අයමයි… පොල්ලෙන් ගහල වගේ ආණ්ඩු කරන්න බෑ… පොහොට්ටු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

ලලිත් චාමින්ද

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුරුවරුන් සම්බන්දයෙන් යම් යම් දෙනා කියපු වචන තමයි අද ජොෂප් ස්ටාලින් රුසියාවේ ස්ටාලින්ට වඩා විරයෙක් බවට පත්වෙලා තියෙන්නේ පොල්ලෙන් ගහලා වගේ ආණ්ඩුකරන්න බැහැ. යැයි ගාල්ල දිස්ත්‍රික් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රි චන්දිම විරක්කොඩි මහතා පවසයි.

ඉමදුව කුන්දුප්පකන්ද ජලයෝජනා ක්‍රමය ආරම්භකිරිම සම්බන්දයෙන් වු ස්ථානිය පරික්ෂාවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.

හොදම සංවේදි නායකයා තමයි මහින්ද රාජපක්ෂ අගමැතිතුමා. එතුමා රජය කරණවිට හැම අවස්ථාවේම සංවේදිවුනා.. රජයේ සේවකයින්ද සංවේදි වෙනවානම් රජයට සහයෝගය ලබාදිම හදවතින්ම කරයි. මේ හැමදෙයක්ම වෙන්න ඕන හදවතින්.

රටේ මිනිසුන් කියන්නේ නැහැ මේ අවස්ථාවේ වර්ජනය කරණ එක සාධාරණයි කියලා.
මේ අවස්ථාවේ ගුරුවරු වර්ජනය කරණ එකත් සාධාරණය කියලා කියන්නේ යම් යම් අයගේ ක්‍රියාකලාප නිසයි. රජය නියෝජනය කරණ මහජන නියෝජිතයින් හැටියට ගුරුදෙවිවරුන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ සේවයට වාර්තා කරලා වර්ජනය අවසන් කරන්න කියලා.

රජයට බලකරලා කියනවා ගුරුවරුන්ට ලණු දෙන්නේ එපා කියලා. එදා ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය අනුමත කරපු දිමනාව නොදිම වගේ දේවල් නැවත කරන්න එපා කියලා. අයවැයෙන් යමක් දෙන්න කටයුතු කරණවානම් එය ගුරුවරුන් පිළිගන්න විදියට ලබාදිලා ඒ පොරොන්දුව ඉටුකරන්න කියා ඉල්ලා සිටිනවා.

ගුරුවරු ජාතියේ දේවිවරු අපි මෙතන ඉන්නෙත් ගුරුවරු නිසයි.. ගුරුවරුන්ට ලබාදෙන වැටුප ගුරුවරුන්ට ලබාදෙන අනිකුත් පහසුකම් ගැන සැහිමකට පත්වෙන්න බැහැ.කියන එක රටම පිළිගන්නවා. මේ මොහොත රට විපතට පත්වෙච්චි අවස්ථාවක රජය වගෙම ගුරුවරුද අසාධාරණවිය යුතු නැති බවද චන්දිම විරක්කොඩි මහතා සදහන් කළේය..

Exit mobile version