ගුරුවරු කොළඹ දී උද්ඝෝෂණයක… කොටුව අවට විශාල වාහන තදබදයක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගුරු සංගම් රැසක් එක්ව ගුරුවරු දහස් ගණනක් කොළඹට ගෙන්වමින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් නිසා අද (22) උදෑසන කොළඹ විශාල වාහන තදබදයක් ඇති විය.

ගුරු විදුහල්පති ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස බලකරමින් පැවැත්වුණු මේ උද්ඝෝෂණය සදහා ලංකා ගුරු සංගමය, ලංකා ගුරු සේවා සංගමය, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය ඇතුළු ගුරු සංගම් 30කට අධික සංඛ්‍යාවක නියෝජිතයෝ විශාල පිරිසක් එක්ව සිටියහ.

කොළඹ දුම්රියපල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතා පා ගමන මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයේ පැවැත්වෙන බව ලංකාදීප වාර්තා කරයි.

වැටුප් විෂමතාවය ඉවත් කර ගුරු සේවය සංවෘත සේවාවක් බවට පත්කරන්නැයි බලකරමින් විරෝධතාකරුවෝ මෙම විරෝධතාව පවත්වමින් ඇත.

Exit mobile version