සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගිලන් රථ රියදුරෙක් වෛද්‍යවරියක පැහැරගෙන යන්න හදලා… ගිලන් රථයෙන් බිමට පැන්න වෛද්‍යවරියට තුවාලයි!

by editor
අගෝස්තු 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ගිලන් රථයක රියදුරෙක් විසින් වවුනියාව මහ රෝහලේ සේවය කරණ වෛද්‍යවරියක් ඊයේ (26) රාත්‍රියේ දී බලහත්කාරයෙන් පැහැර ගෙන යාමට උත්සහ කළ අවස්ථාවේදී එම වෛද්‍යවරිය ගිලන් රථයෙන් බිමට පැනීම හේතුවෙන් තුවාල ලබා ඇතැයි වාර්තාවේ.

මෙම වෛද්‍යවරිය වවුනියාවේ පම්පමඩුව ප්‍රදේශයේ නේවාසිකව සිටින වෛද්‍යවරියකි.

ඇය සේවය සදහා වවුනියාව මහ රෝහලට පැමිණීමට සූදානම් වූ අවස්ථාවේදී වවුනියාව මහ රෝහලේ සිට පම්පමඩුව ආයුර්වේද රෝහලට රාත්‍රී ආහාරය රැගෙන ගිය ගිලන් රථය ආපසු වවුනියාව මහ රෝහලට පැමිණෙමින් තිබූ නිසා ඇය රෝහලට පැමිණීම සඳහා එම ගිලන් රථයට ගොඩ වී තිබේ.

ගිලන් රථයේ රියදුරා හා තවත් අයෙකු ගිලන් රථයේ සිට ඇති අතර රියදුරා වවුනියාව -මන්නාරම මාර්ගයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා ගැනීමට ගිලන් රථය නවත්වා ආපසු එය වවුනියාව මහ රෝහලට ධාවනය කිරීම වෙණුවට අතුරු මාර්ගයකින් වෙනත් දිශාවකට ධාවනය කරන්නට පටන් ගෙන තිබේ.

ඊට හේතුව විමසුවත් රියදුරා කිසිවක් ප්‍රකාශ නොකිරීම නිසා බියට පත් වෛද්‍යවරිය ගිලන් රථයෙන් බිමට පැන තමාව බලහත්කාරයෙන් පැහැර ගෙන යමට උත්සහ කරණ බව මහමග සිටි පිරිසට ප්‍රකාශ කොට තිබේ.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජනතාව වෙනත් වාහනයකින් ගිලන් රථය හඹා ගොස් එය නතර කරවා රියදුරුට හා සහායකයාට පහර දී ඔවුන්ව මෙල්ල කරගෙන නෙලුකුලම පොලීසිය වෙත ඔවුන් දෙදෙනාව බාර දී ඇත.

වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු පිරිසක් එම ස්ථානයට ගොස් ඇති අතර පොලීසිය සමග සාකච්ඡා කිරීමෙන් පසුව ගිලන් රථ රියදුරා හා සහායකයා අත් අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කොට ඇත.

එම වෛද්‍යවරිය පැහැර ගැනීමට උත්සහ කළ රියදුරා සිටි ගිලන් රථයද වවුනියාව මහ රෝහලට අයත් ගිලන් රථයක් බැවින් රියදුරුට හා රිය සහායකයාට එරෙහිව වෙනම පරීක්ෂණයක් වවුනියාව මහ රෝහලේ පාලන අධිකාරිය විසින් ආරම්භ කොට ඇත.

එම පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ වවුනියාවේ සිට පම්පමඩුව ආයුර්වේද රෝහලට දුර කි.මී 16 ක් වූවත් එක් ගමන් වාරයක් සදහා මෙම රියදුරා කි.මී. 20 ක දුරක් සටහන් කොට ඉතිරි වන ඉන්ධන අලෙවි කරණ බවයි.

දිනකට ගමන් වාර 6 ක් මෙම ගිලන් රථය වවුනියාව මහ රෝහල හා පම්පමඩුව ආයුර්වේද රෝහල අතර ධාවනය කිරීම සිදුවන බැවින් ගිලන් රථ රියදුරා මෙම ඉන්ධන වංචාව කාලයක සිට කරගෙන ගොස් ඇති බවද හෙළි වී ඇත.

වවුනියාව මහ රෝහලෙන් ගිය වෛද්‍යවරු පිරිස බියට පත්ව සිටි වෛද්‍යවරිය වවුනියාව මහ රෝහල වෙත රැගෙන විත් තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

TMH සමූහයේ සභාපති ආචාර්ය ධර්මලිංගම් දර්සනන් ජාත්‍යන්තර පොලිස් කොමිසමේ මෙරට කලාපීය අණ දෙන නිලධාරී ධුරයට

Next Post

පොලිස් අත් අඩංගුවට පත්වන සිවිල් වැසියන්ට කෲර ලෙස සැලකීම වළක්වන්න අධිකරණය දුන් නියෝග පොලිස්පති සහ පොලිස් කොමිසම පිළිපැද නෑ…. අධිකරණයෙන් පොලිසියට බරපතල චෝදනාවක්!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.