ගිලන් රථයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මන්නාරමේ සැකකරු ඉන්දියාවේදී අත් අඩංගුවට

ගිලන් රථයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මන්නාරමේ සැකකරු ඉන්දියාවේදී අත් අඩංගුවට

දිනසේන රතුගමගේ

මන්නාරම මුරුන්කන් රෝහලේ ගිලන් රථයෙන් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටින ගිලන් රථ රියදුරා ඉන්දියා වට පලා ගොස් සිටියදී තමිල්නා ඩු පොලීසිය විසින් ඔහුව පම්බන්වරා ය ආසන්නයේ දී ඊයේ 8 දා අත්අඩංගුවට ගෙන තිබේ.

මන්නාරම පොලීසියේ නිලධාරීන් පිරිසක් මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට පැමිණි අවස්ථාවේ දී ඔහු පොලිස් නිලධාරීන්ව සපාකා පලා ගිය අතර ඔහුගේ අනෙක් උදව්කරු පමණක් පොලීසියට හසු වී තිබුණි.


සිද්ධියට සම්බන්ධ සැකකරු ධීවර බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවේ තමිල්නාඩු පළාතට ගොස් ඉන්දියාවේ සරණා ගතභවය ඉල්ලා සිටියදී ඔහු පිළිබදව කළ විමර්ශන වලදී ඔහු මත්ද්‍රව්‍ය
ජාවාරම්කරු වකු බවට තොරතුරු අනාවරණය වී තිබේ. මේ සිද්ධියෙන් පසුව ඔහුව අත්අඩංගුවට ගෙන තමිල්නාඩු අධිකරණයකට ඉදිරිපත් කිරීමේන් පසුව ඔහුව බන්ධනාගාර ගත කොට ඇති අතර ඔහු පිළිබදව තොරතුරු ශ්‍රී ලංකා වට දැණුම් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එස්. දේවරාජන් නැමති මෙම මුරුන්කන් රෝහලේ ගිලන්රථ රියදුරා ගේ සේවය මේ වන විට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් අත්හිටුවා තිබේ.

Exit mobile version