ගැබිනි මව්වරුන්ට සුදුසු කොවිඩ් එන්නතක් සොයයි…

කොවිඩ් රෝගයෙන් දැඩිලෙස පීඩාවට පත්වෙමින් සිටින ගැබිනි මව්වරුන්ට කොවිඩ් එන්නතක් ලබා දීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ දැඩි අවධානය යොමුව ඇති බවත් මේ වන විට ලොව පුරා ගැබිනි මව්වරුන්ට ලබා දී තිබෙනකොවිඩ් එන්නත් පිලිබඳව තොරතුරු අධ්‍යනය කරමින් සිටින බවත් ඖෂධ නියාමන, කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක   සඳහන් කරයි.

ළදරුවන් සියයකට ආසන්න පිරිසක් මේ වන විට රෝගයට ගොදුරුව ඇති බැවින් හා ගැබිනි මව්වරුන්ගේ කුස තුළ සිටින දරුවන්ට විවිධ සංකූලතාවන් ඇතිවීමට තිබෙන ඉඩකඩ ඇහිරිය යුතු බැවින් ඒ සඳහා හැකි ඉක්මනින් එන්නතක් ලබා දීමට කටයූතුකරන බව ලේකම්වරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගැබිනි මව්වරුන්ට කොවිඩ් එන්නතක් ලබා දීමෙන්   රටතුළ සිදුවිය හැකි මාතෘමරණ අනුපාතය පහළ දමා ගැනීමට හැකිවනු ඇති බවද ප්‍රසව හා නාරිවේද විශේෂඥවරුන්ගේ මතය වී තිබේ.


 

Exit mobile version