ගැටඹෙ තොටේ දිය කපනා මංගල්‍යය…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි මහ පෙරහර වීදී සංචාරය කිරීමෙන් පසු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පෞරාණික චාරිත්‍ර වලට අනුකූලව දිය කැපීමේ මංගල්‍යය අද (23) අලුයම ගැටඹේ දියකපනා තොටේදී සිදුකරනු ලැබීය.
නාථ,විෂ්ණු,කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාලයන්හි ප්‍රධාන කපු මහත්වරු ඇතුළු සීමිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

පෙරහර ආරම්භ කරමින් සතර මහ දේවාලයන්හි සිටුවන ලද කප ගලවාගෙන ගොස් දිය කැපුම් මංගල්‍යය සිදුකර එම කප මහවැලි ගඟේ පාකර හැරීම අතීතයේ පටන් පැවැත එන චාරිත්‍රයකි.

දියකැපුම් මංගල්‍යය ඊයේ (23) අලුයම 5.50 ට යෙදුණු සුබ නැකතට සිදු කිරීමෙන් අනතුරුව ඊට සම්බන්ධ වූ පිරිස මහනුවර පුල්ලියාර් කෝවිළ වෙත පැමිණි එහිදී ආගමික වතාවත්වල නිරත වූහ.

 

Exit mobile version