ගාල්ලේ 18 හැවිරිදි පාසල් සිසුවියක් කොවිඩ්  ආසාදනය වී මරුට…

covid

ලලිත් චාමින්ද –

කොවිඩ් ආසාදිත 18 හැවිරිදි සිසුවියක් අද මරණයට පත් වූවාය.

මියගොස් තිබුනේ ගාල්ල මාදම්පා විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම  ලබන සිසුවියකි. ඇය ඉඩම්තොට මාදම්පේ, අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි. 

මෙම  පාසල් සිසුවියට ඉකුත් 10 වැනිදින උණ වැළදි තිබිණි. ඒ සමග ගෙලෙහි නහරවල කුඩා ගැටිති මතුවි ඇත. පසුව මෙම පාසල් දැරිය බලපිටිය රෝහලට ඇතුළත්කොට තිබේ. 


බලපිටිය රෝහලින් ඇය කරාපිටිය රෝහලට මාරුකොට තිබේ. රෝහලේ දි කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි   සිසුවියට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත. 

ඊයේ ( 12 )   දහවල් රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදි මෙම තරුණ සිසුවියගේ රෝගි තත්වය උත්සන්න වි ඇත. එදින රාත්‍රි 10.45ට පමණ දැරිය මියගොස් තිබුණාය.

අද පැවති මරණ පරීක්ෂණයේ දී තහවුරු වූයේ කොවිඩ් නිව්මෝනියාව වැළදිමෙන් සිරුරේ බහුවිධ අවයව අකර්මණ්‍ය වීම නිසා මෙම සිසුවිය මියගොස් ඇති බවය.   

මියගිය  දැරියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අතිරේක හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ  විසින් සිදුකරනු ලැබිය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රුවන් නානායක්කාර   විසින් සිදුකළ අතර  ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා  කොවිඩ් නිව්මෝනියාව ආසාදනය විමෙන් සිරුරේ බහුවිධ අවය  අකර්මණ්‍ය විමෙන් මරණය වි ඇති බවට තීන්දු කළේය.

Exit mobile version