ගාල්ලේ හිටපු මහේස්ත්‍රාත්වරිකයට වසර 05ක බරපතල වැඩ සහිත සිර දඬුවමක්!

ගාල්ල හිටපු මහෙස්ත්‍රාත්වරිය වන  ඩී. එස්. මෙරිංචිආරච්චිට  කොළඹ මහාධිකරණය විසින් අද (02) බරපතළ වැඩ සහිත වසර 05ක් බැගින් වූ සිරදඬුවම්  නියම කළේය.

සුරාබදු වැරදි සඳහා අය කරන දඩ මුදල් අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදු කළේ යයි චෝදනා කරමින් පවරා තිබු නඩු දෙකකට අදාලව අධිකරණය විසින් සිදුකළ  දීර්ඝ නඩු විභාගයකින් පසු ඇය වැරදිකාරයි කොට මෙම දණ්ඩයනයට යටත් කළේය.

මේ වනවිට අධිකරණය මඟහැර සිටින විත්තිකාර මෙරින්චිආරච්චි   අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු ද නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා නියෝග කර ඇත.

ඊට අමතරව විත්තිකාරියට රුපියල් 22,500 ක දඩයක් ද නියම කර තිබේ.


විත්තිකාරිය අධිකරණය මඟහැර සිටින අතර ඇය නොමැතිව මෙම නඩු විභාගය පැවැත්වුණි.

2000 වසරේ අප්‍රේල් මස 04 වනදා සහ 05 වනදා අතර කාලය තුළ සුරාබදු නඩුවක් සඳහා නියම කෙරුණු රුපියල් 7,500ක දඩ මුදලක් රුපියල් 1,500ක් ලෙස සටහන් කිරීමෙන් සහ තවත් නඩුවකට නියම කෙරුණු රුපියල් 5,000 දඩ මුදලක් රුපියල් 1,500 ක් ලෙස අඩුවෙන් සටහන් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ රාජ්‍ය මුදල් සාපරාධී විශ්වාසය කඩ කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙරණ –

Exit mobile version