ගාල්ලේ ශාන් විජේලාල්ට අද බත්තරමුල්ලේ අමාත්‍යංශයක දොර නොඇරුණේ ඇයි?

සේවා කටයුත්තකට අද පෙරවරුවේ බත්තරමුල්ල පැලවත්තේ පිහිටි පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයෙන් යම් සේවාවක් ලබාගැනීමට ගිය ගාල්ල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මන්ත්‍රී ෂාන් විජයලාල්ට එහි ආරක්ෂක නිලධාරීන් කාර්යාල පරිශ්‍රයට ඇතුළු වීමට ඉඩ දී නැත.

එම අමාත්‍යංශයේ පාර්ලිමේන්තු කටයුතු සේවා අංශයට ගිය ශාන් විජයලාල් මන්ත්‍රීවරයා නිළධාරීන් සේවක මණ්ඩලය හැර වෙනත් කිසිවෙකුට කාර්යාලයට ඇතුළුවීම තහනම් යයි සඳහන් කරමින් අලවා තිබූ දැන්වීම දැක තමන් කවුදැයි හඳුන්වා දී ආරක්ෂක නිළධාරීන්ට ඔහු ඇතුළට යාමට අවසර දෙන ලෙස ඉල්ලා තිබේ.

එහෙත් කවුරු වුවත් කිසිදු හේතුවක් නිසාවත් කාර්යාලය තුළට යාමට අවසර දිය නොහැකි බව මන්ත්‍රීවරයාට ආරක්ෂක නිලධාරීන් පවසා ඇත.


ඉන් පසු පාර්ලිමේන්තුවට පැමිණි ඔහු මේ පිළිබඳව සභාවේදී කථානායකවරයාගේ අවධානයට යොමු කළේය.

එහිදී කථානායකවරයා ප්‍රකාශ කළේ එම අමාත්‍යංශයේ පාර්ලිමේන්තු සේවා අංශයේ කාර්ය මන්ඩලයේ අයකුගේ පවුලේ සාමහාජිකයකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බැවින් මෙම සීමා පනවා ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහිදී තම පැහැදිලි කිරීම කළ ශාන් විජේලාල් ද සිල්වා මන්ත්‍රීවරයා “ රටේ පවතින තත්ත්වය තුළ සෞඛ්‍යමය හේතූන් ගැන අපි දන්නවා. නමුත් ගෙවී ගිය පැය කීපය තුළ එම කාර්යාලය වසාදමන්න තීරණයක් ගත්තාද කියා මා දන්නේ නැහැ. කෙසේ වෙතත් විනාඩි 35 ක් මම එළියේ හිටගෙන හිටියා. ඒ වනවිටත් අතිරේක ලේකම්වරිය පැමින සිටියේ නැහැ. සහකාර නිළධාරිනියක් එළියටම ඇවිත් මට අවශ්‍ය ලිපිලේඛන ලබාදුන්නා. සෞඛ්‍ය නීති පිළිපැදීම ප්‍රශ්නයක් නැහැ. මෙම තත්ත්වය තුළ එම නිළධාරීන් පාර්ලිමේන්තුවට කැඳවා හෝ අපට අවශ්‍ය සේවාව ලබා දෙන්නැ”යි පැවසීය.

Exit mobile version