ගාල්ලේ දී මහ දවල් ලක්ෂ ගණනක මුදලක් සමග පිලිපීන කාන්තාවකගේ ගමන් මල්ල කොල්ල කාලා…

ලලිත් චාමින්ද –

ගාල්ල සමනල ක්‍රිඩාංගනය පිටුපස කොටුපවුර ආසන්නයේ රැදි සිටි පිලිපින ජාතික කාන්තාවකගේ  ගමන්බලපත්‍රය හා මුදල් සහිත ගමන් මල්ල කිසියම් පුද්ගලයකු විසින් ඊයේ (02) පස්වරුවේ කොල්ලකාගෙන පලාගොස් ඇති බැව් ගාල්ල පොලිසිය පවසයි.

මෙම කාන්තාව තිස්හතර හැවිරිදිවියේ පසුවන අතර    කාන්තාව තම ගමන්මල්ල බිම තබා දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටින අවස්ථාවේදි පුද්ගලයින් 04 දෙනෙකු මෙම වීදේශිය ජාතික කාන්තාව අසලින් ගමන් කර ඇත. 

අනතුරුව එක් පුද්ගලයෙකු විසින්  මෙම   කාන්තාවගේ ගමන් මල්ල රැගෙන රත්ගම වැල්ල දෙසට දිවගොස් ඇති අතර අනිත් පුද්ගලයින්ද ඒ දෙසටම දිව ගොස් ඇත. 

මේ සමග පිලිපින් ජාතික කාන්තාව සැකකරු පසු පස හබා ගොස් ඇති අතර එවිට මෙම කාන්තාව බිම ඇද වැටි වම් පාදයේ දනහිස අසල සුළු සිරිම් තුවාල සිදු වි තිබේ.


විදේශිය ජාතික කාන්තාව සතු  ගමන් මල්ලේ විදේශ ගමන්.බලපත්‍රය, මුදල් රු.90,000/= ක් අමරිකන් ඩොලර් 100 ක්, ඔස්ට්‍රේලියන් ඩොලර් 200 ක් අඩංගු මුදල් තිබි ඇත..

මෙම  කාන්තාව පෙබරවාරි මස 16 වන දින දිවයිනට පැමින ඇති අතර  මැයි මස 01 වැනි දින ගාල්ල ප්‍රදේශයට පැමින බුස්ස පිටිවැල්ල  ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිට ඇත. 

මේ සම්බන්දව එම කාන්තාව විසින්  ගාල්ල මුලස්ථාන පොලිස්ථානයට කරණු ලැබු පැමිණිල්ලකට අනුව ගාල්ල පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් සිදුකල විමර්ශනයේදි , ඉහත සදහන් විදේශ ගමන් බලපත්‍රය හා ගමන් මල්ල ගාල්ල රත්ගම වැල්ල ප්‍රදේශයේ දමාගොස් තිබියදි සොයා ගත් අතර මුදල් රැගෙන සැකකරුවන් පලා ගොස් ඇත.  

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගාල්ල පොලිසිය   සිද්ධිය පිළිබද පරික්ෂණ පවත්වයි.

 

Exit mobile version