ගාල්ලේ දානයකින් මහා සංඝයාට ඉන්ධන පූජාවක්….

ගාල්ලේ පිටිගල අතුකෝරල තේ කම්හලේ දානමය පිංකමකට වැඩම කළ භික්ෂුන් වහන්සේලාට පිරිකර ලෙස   ලීටර් 10 බැගින් වූ පෙට්‍රල් කෑන් එක බැගින් පූජා  පූජා කිරීමේ පුවතක් වාර්තා වේ.

දිවංගත ඩී.ඩබ්ලිව්.අතුකෝරළ   ජන්ම දිනය සහ   එකොළොස්වැනි ගුණ අනුස්මරණය  නිමිතිකොටගෙන මෙම පිංකම අද අතුකෝරල තේ කර්මාන්ත ශාලාවේ දී පැවැත්විනි.

මෙම ඉන්ධන පූජාව සිදුකරනු ලබන්නේ කෑන් සඳහා ඉන්ධන එකතු කිරීම වළක්වාලමින්  QR කේත ක්‍රමය ඔස්සේ ඉන්ධන බෙදා හැරීම දැඩි ලෙස සීමා කර ඇති වටපිටාවකය.

දැනට සතියකට යතුරු පැදියක් සඳහා පෙට්‍රල් ලීටර 4ක් ද, ත්‍රී රෝද රථයක් සඳහා ලීටර 05ක් ද, වෑන් රථයක්  සඳහා ලීටර 20ක් ද, කාර් රථයක් සඳහා ලීටර 20ක් ද, ඉඩම් වාහනයක් සඳහා ලීටර 15ක් ද, ලොරි රථයක් සඳහා ලීටර 50ක් ද නිකුත් කරනු ලබයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් ඩොලර් වලින් ගෙවීම් කර කර්මාන්ත කරුවන්ට තමන්ට අවශ්‍ය ඉන්ධන කෝටාව  ආනයනයක  කරගත හැකිය.

Exit mobile version