ගාල්ලේ ගංවතුර බිල්ලක් ගනී…

ලලිත් චාමින්ද  –

උඩුගම අලුත්වත්ත ප්‍රදේශයේ තරුණයතු ජලපහරකට ගසාගෙන ගොස් අතුරුදහන් වි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම තරඅණයා 32 හැවිරිදිවියේ පසුවන අයෙකි.  ගිංගගේ ජල මාපකයේ ජල මට්ටම ඊයේ රාත්‍රිය වන විට මිටර් 7.2ක් සටහන්ව තිබු අතර එය  සුළු ගංවතුර තත්වයකි. බද්දේගම ජල මාපකයේ ජල මට්ටම  මිටර් 3.46 දක්වා වැඩි වි තිබේ. ගිංගග ඉහත්තාවේ ජලය බැසයාමත් සමග ගිංගඟ පහළ නිම්නයේ බද්දේගම ආශ්‍රිත පහත්බිම් ජලයෙන්  යටවිය හැකි බැව් ගාල්ල දිස්ත්‍රික් ආපදාකළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

 යක්කලමුල්ල නගරය  ඇතුළු පහත්බිම් රැසක් ඊයේ රාත්‍රියේ දි   පොල්අතුමෝදර ගංගාව පිටාර ගැලිම නිසා ජලයෙන් යටවි තිබුණි. කෙසේවුවද අද (14) උදැසන වනවිට  ජලය බැසයමින්  තිබිණි.  නමුත් උඩුමලගල වෙළෙන්දාව ආශ්‍රිත පහත්බිම් ජලයෙන් යට වි තිබේ. මේ අතර   සුළු ගංවතුර තත්වය බලපාඇති නාගොඩ ,නියාගම නෙළුව තවලම  යක්කලමුල්ල යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාශවල නිවෙස්වල නිරෝධායනය වන පිරිසක්ද  සිටින  අතර ඔවුන්  ආරක්ෂිත සුරක්ෂා මධ්‍යස්ථානවලට රැගෙන ඒමට සැලසුම් කොට ඇත. සෑම ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයකම සුරක්ෂා මධ්‍යස්ථාන ස්ථාපිත කොට  ඇති අතර ගංවතුර තත්වය නිසා අවදානමකට පත්ව සිටින. නිරෝධායනය වන පවුල් සම්බන්දයෙන් ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කිරිම සදහා දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේයන්ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය බලධාරින් හා දිස්ත්‍රික් ලේකම්වරයා සමග  සාකච්ඡාවක් අද දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවැත්විමට නියමිතව තිබේ.මේ අතර  අයහපත් කාලගුණික තත්වයෙන්  විපතට පත්වුවන් මුදවා ගැනිම සදහා  උඩුගම නාගොඩ නෙළුව තවලම යන  ප්‍රදේශවලට  නාවික හමුදා යුධ හමුදා භටයින් හා සහන කණ්ඩායම් යොදවා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවලම හා   හිනිදුම යන ප්‍රදේශවලට  ඊයේ දින  මිලිමිටර් 190ක පමණ වර්ෂාපතනයක් පතතිවි ඇත. මෙම තත්වයත් සමග  නෙළුව  තවලම උඩුගම මාර්ගයේ තැනින් තැන ජලයෙන්  යටවි ඇත. ඇහැලකන්ද පාළම ජලයෙන් යටවි ඇති අතර මෙම තත්වයත් සමග එම ප්‍රදේශවල පහත්බිම් රැසක් ජලයෙන් යටවි තිබේ නෙළුව උඩුගම ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු ඇණිහිට  ඇත.

Exit mobile version