ගස් යට කුණු වෙන ගස්ලබු

දිනසේන රතුගමගේ –

මුලතිව් ඇතුලු උතුරේ පළාත් ගණනාවක පැපොල් වගා කොට ඇති ගොවීන් ඔවුන්ගේ පැපොල් තොග අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටිති.

වර්ෂාව නිසා පැපොල් කුණු වී යාමත් මේ දිනවල පිටස්තර ප්‍රදේශ වල සිට පැපොල් මිලට ගන්නා ව්‍යාපාරිකයින්  මුලතිව් පළාතට නොපැමිණීමත් නිසා මුලතිව් දිස්ත්‍රික්කයේ පැපොල් වගා කල පිරිස අන්ත අසරණ තත්ත්වයකට පත්ව සිටිති.


පැපොල් කිලෝවක් රුපියල් 10 කටවත් අලෙවි කරගැනීමට නොහැකි නිසා මේ දිනවල උතුරේ පැපොල් ගොවීන් සිය පැපොල් වගාවන් වලම ඉදී විනාශ වී යන්නට ඉඩහැර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවත් ගොවීන් විශාල පිරිසක් පැපොල් කඩා  ගවයින්ගේ හා එලුවන්ගේ ආහාර පිණිස ලබා දීමට පටන් ගෙන තිබේ.

Exit mobile version