ගව මුත්‍රාවලටත් හොඳ කලක්… ලීටරයක් රුපියල් 20යි…

ගොම උරයක් 300යි… කාබනික පොහොර හදන ගොවීන් අනාථයි!

ලලිත් චාමින්ද –

කාබනික පොහොර නිශ්පාදනය කරගැනීම සඳහා ගොම පොහොර කොට්ටයක් මිල රුපියල් 300ක මිලකටත් ගව මුත්‍රා ලිටරයක් රුපියල් 20ක මුදලකටත් මිලදි ගැනීමට සිදුවි ඇති බවද කාබනික පොහොර නිෂ්පාදනයේ නිරත ගොවිහු පවසති.

උද්ගතවී ඇති තත්වය තුළ කාබනික පොහොර නිෂ්පාදනය කිරිම සඳහා අමුද්‍රව්‍ය සපයාගැනිමේ දි ගැටලු රැසක් මතුවි ඇති බැව් ද එම ගොවිහු පෙන්වා දෙති.

ගොම,කුකුළුපොහොර මිල විශාල වශයෙන් ඉහලගොස් ඇති  අතර   එම අමුද්‍රව්‍ය සපයාගැනිමද බරපතල ගැටලුවක් බවට පත්ව ඇති බවද ඔවුහු කියති.


එමෙන්ම කාබනික පොහොරවල ප්‍රමිතිය  පරික්ෂාකරගැනිමේ දි තමන්  ගැටලු රැසකට ලක්ව ඇති බැව් දකුණු පළාතේ කාබනික පොහොර නිෂ්පාදනයේ නිරත ගොවින් පවසති.

කාබනික පොහොරවල ප්‍රමිතිය පරික්ෂාකිරිම සඳහා අදාල සාම්පල් රසායනාගාර  වෙත යවා පරික්ෂණ ප්‍රථිපල ගෙන්වා ගැනිමේ දි විශාල කාලයක් ගතවන බවද ඔවුහු පෙන්වා  දෙති. මෙම තත්වය නිසා කාබනික පොහොර අලෙවිකිරිමේ දි ගැටලු ඇතිවි තිබෙන බව එම ගොවිහු  පෙන්වා දෙති.  මේ නිසා කාබනික පොහොරවල ප්‍රමිතිය පරික්ෂාකිරීම සඳහා රසායනාගාර දෙකක් ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල ස්ථාපිත කරන ලෙස  කාබනික පොහොර නිෂ්පාදනයේ නිරත ගොවිහු ඉල්ලා සිටිති. 

කාබනික පොහොර නිෂ්පාදනයේ නිරත ගොවින් සඳහා මේ දක්වා කිසිදු සහනයක් ලබා දි නොමැති බව පවසන ගොවින් බැංකුණයක් ලබාගැනිමේ දි පවා බැංකුවලට ගොස් රස්තියාදුවිමට සිදුවි ඇති බවද  පෙන්වා දෙයි.

දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ   සදහන් කළේ කාබනික පොහොර නිෂ්පාදනයේ නිරත නිෂ්පාදකයින් දිරිගැන්විම සදහා මිලියන 200ක මුදලක් මේ වනවිට ලබාදි ඇති බවය. 

ඉදිරියේ දි කාබනික පොහොරවල ප්‍රමිතිය පරික්ෂාකිරිම සදහා  ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල පර්යේෂණාගාර දෙකක් ස්ථාපිත කිරිමට සැලසුම්කොට ඇති බවය.  ඒ පිළිබද රුහුණු විශ්වවිද්‍යාලය සමග සාකච්ඡාකොට ඇති බවද ආණ්ඩුකාරවරයා පවසයි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක්  පර්යේෂණාගාරයක් ස්ථාපිත කිරිම සදහා  රුපියල් මිලියන 30ක පමණ මුදලක් වැයවන බව සදහන් කළ  ආණ්ඩුකාරවරයා  හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා ලෝක බැංකු ආධාර යටතේ පර්යේෂණාගාරයක් ස්ථාපිත කිරිම සදහා මුදල් වෙන්වී ඇති බවද ඒ මහතා පවසයි.

Exit mobile version