ගම්මන්පිලගේ විශ්වාස භංගය මුලදීම විපක්ෂයට වරදී – අගමැති පැමිණ විපක්ෂය බේරා ගනී

Mahinda Rajapaksa

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව අද පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් නිසි පරිදි ඉදිරිපත් කරනු නොලැබීම හේතුවෙන් උණුසුම් විවාදයක් ඇති විය.

මෙම යෝජනාව ඉදිරිපත් කරමින් විවාදය අරම්භ කිරීම සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර් වෙත පැවරී තිබුණද ඔහු මෙම යෝජනාව නිසි ලෙස සභාවට ඉදිරිපත් නොකරමින් තම කතාව කරගෙන ගියේය. එම කතාව ඔහු අවසන් කළ පසුව එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාවට අතුරු සංශෝධනයක් එක් කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එයට විරුද්ධ වෙමින් සඳහන් කළේ විපක්ෂය තමත් විශ්වාස භංග යෝජනාව සභාවට නිසි ලෙස ඉදිරිපත් නොකළ බවය.

මේ මොහොතේ යළි එම යෝජනාව ඉදිරිපත් කිරීමට මරික්කාර් මන්ත්‍රිවරයා උත්සාහ කළද විමල් වීරවංශ සහ ප්‍රසන්න රණතුංග මහත්වරු ඊට දැඩි විරෝධයක් පළ කළහ. ඔවුන් අවධාරණය කළේ විපක්ෂයට මෙම විශ්වාස භංග යෝජනාව නිසි ලෙස ඉදිරිපත් නොකළ බවය. කෙසේ වුවද කථානායකවරයා විපක්ෂයට ඔවුන් අතින් වැරැද්දක් වු බව පිළිගෙන යළි ඉදිරිපත් කිරිමට අවස්ථාව ආණ්ඩු පක්ෂය වෙතින් බලවත් විරෝධයක් එල්ල විය.


මේ මොහොතේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නැගිට අආණ්ඩු පක්ෂය මෙම විශ්වාස භංග යෝජනාවට විවාදයට සූදානම් බැවින් එය සභාවට ඉදිරිපත් කරන්නැයි මරික්කාර් මන්ත්‍රිවරයාට අවස්ථාව සලසා දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මරික්කාර් මන්ත්‍රිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළේය.

Exit mobile version