ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද සවස 6 සිට ඇඳිරි නීතිය

ගම්පහ පොලිස් බල ප්‍රදේශයටත් අද සවස 6 සිට පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. නැවත දැනුම් දෙනතුරු එම ඇඳිරි නිතිය බලපැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තව නිවේදනය කරයි.

මීට පෙර පොලිස් මාධ්‍ය ඒකකය විසින් කිරිඳිවැල, දොම්පෙ, පූගොඩ, ගණේමුල්ල, වීරඟුල, වැලිවේරිය, මල්වතුහිරිපිටිය, නිට්ටඹුව, මීරිගම, පල්ලෙවෙල, යක්කල පොලිස් බල ප්‍රදේශවලටත් මේ නිරෝධායන ඇඳරි නීතිය බලපැවැත්වෙන බව කියා තිබිණි.

එම ප්‍රදේශවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන බවත්, ගම්පහ පොලිස් බලප්‍රදේශයට පමණක් අද සවස 6 සිට ඇඳරි  නීතිය ක්‍රියාත්මක වන බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට දිවුලපිටිය, මිනුවන්ගොඩ හා වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශ සඳහා ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර නැවත දැනුම් දෙන තුරු එම ඇඳිරි නීතිය බලපැත්වේ.

 

Exit mobile version