ගම්පහ නාගරික මන්ත්‍රී වරයෙකුට කොවිඩ් ආසාදනය වෙයි…

රුපියල් පන්දහසේ දීමනාව බෙදන ක්ෂේත්‍ර කටයුුතුවල පසුගිය දින කීපය තුළම නිරත වෙලා...

Gampaha municipal

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

ගම්පහ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙක් කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ.

මේ සම්බන්ධව කරන මූලික නිරීක්ෂණ වලින් පෙනී ගොස් ඇත්තේ මෙම මන්ත්‍රීවරයා තමන්ගේ බල ප්‍රදේශය තුළ අඩු ආදායම් ලාභී පවුල් වෙත රුපියල් පන්දහසේ දීමනාව බෙදා දීමේ ක්ෂේත්‍ර කටයුතුවල පසුගිය දින කිහිපය තුළ යෙදී සිටි ඇති බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මන්ත්‍රීවරයාත් පෑළියගොඩ මත්ස්‍ය ව්‍යාපාරිකයෙක් හා සමීප ඇසුරක් සිදු වී ඇතැයි වාර්තා වේ.  ඔහු හා ගැටුණු මුල් පෙළ ආශ්‍රිතයන් 75 දෙනකේ මේ වනවිට හඳුනාගෙන ඇති බවත් නගර සභාව සම්බන්ධව ඉදිරි පැය කිහිපය තුළ නිශ්ඡිත තීන්දුවක් ගන්නා බවත් සෞඛ්‍ය අංශ පවසයි.


Exit mobile version