ගම්පහ දිසා රෝහලේ ශල්‍යාගාර 07ක් වැහිලා… රෝහල් ආරංචි මාර්ග කියයි.

කීර්ති ප්‍රනාන්දු – 

ගම්පහ දිසා රෝහලේ නව සත්මහල් ගොඩනැගිල්ලෙහි මහල් අතර ජලකාන්දුවීමක් නිසා සිදුකරන අලුත්වැඩියා කටයුතු නිසා ශල්‍යාගාර 07ක කටයුතු මුලුමනින්ම ඇණහිට ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ශල්‍යාගාර අතර ප්‍රධාන ශල්‍යාගාර 4ක් හා මධ්‍යම ශල්‍යාගාර 03ක් පවතින බවත් මේ වනවිට අක්ෂි, විකලාංග, උගුර කණ නාසය පිළිබඳ ශල්‍යකර්ම දිස්ත්‍රික්කයේ වෙනත් රෝහල්වලට යොමු කර ඇති බවත් වාර්තා වේ.

මේ ගැටලුවට පිලිතුරු ලෙස පැරණි රෝහල් ගොඩනැගිල්ලේ ශල්‍යාගාර වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවත් ඒ ඉදිකිරීම් සඳහා නාවික හමුදා සහාය ලබා ගත හැකි බවත් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත ඉලේපෙරුම පැවසීය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහෙත් තවමත් එම අලුත්වැඩියා කටයුතු වෙනුවෙන් මධ්‍යම රජයෙන් මුදල් අනුමත වී නැති බවත්, මේ තියන තත්වය යටතේ පැරණි ශල්‍යාගාරවල සැත්කම් කිරීම බරපතල අනතුරුදායක තත්වයක් බවත් රෝහල් ආරංචිමාර්ග පෙන්වා දුන්නේය.

Exit mobile version