ගමන් වාසනාව වැඩිම පාස්පෝට් හිමියන් ඉන්න රටවල් ලැයිස්තුව මෙන්න

ලෝකයේ වඩාත්ම සංචාරක හිතකාමී විදේශ ගමන් බලපත්‍ර පිළිබඳ ලැයිස්තුගත කරන හෙන්ලි පාස්පෝට් දර්ශකය නව දශකයේ තුන්වැනි වාර්තාව නිකුත් කර තිබේ.

එම ලැයිස්තුවේ මුල්පෙළ ඉහළින්ම සිටින්නේ ලොව පුරා ගමනාන්ත 191 ක් සඳහා වීසා රහිත හෝ ස්ථානීය වීසා (on-arrival) බලපත්‍ර ප්‍රවේශය ලබා දෙන ජපානය යි. සිංගප්පූරුව දෙවන ස්ථානයේ (190) ද, දකුණු කොරියාව, ජර්මනිය සමඟ තෙවැනි ස්ථානයේ (189 ) සිටී.

කෙසේවෙතත් සම්මත ශ්‍රේණිගත කිරීම තුළ දැනට මතුව ඇති වසංගතය මත පැනවූ තාවකාලික තහනම් සැලකිල්ලට ගෙන නොමැත.


පසුගිය සතියේ දී යුරෝපා සංගමය විසින් මෙවැනිම රටවල් ලැයිස්තුවක් නිකුත් කර තිබුණි. ඒ කොවිඩ් -19 ලෝකය පුරා පැතිරීමට ප්‍රතිචාර වශයෙන් බාහිර දේශසීමා වසා දමා මාස කිහිපයකට පසු ජූලි 1 වනදා සිට පදිංචිකරුවන්ට ඇතුළුවීමට අවසර දෙන රටවල් 14 ඇතුළත් ලැයිස්තුවකි.

යුරෝපා සංගමයේ කොරෝනා වයිරසය ආශ්‍රිත සෞඛ්‍ය හා ආරක්ෂණ නිර්ණායකයන් සම්බන්ධයෙන් ගත්කළ
ජපානය සහ දකුණු කොරියාව ඉදිරියෙන් සිටින අතර ඕස්ට්‍රේලියාව සහ කැනඩාව ද (හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ 9 වන ස්ථානයේ) ශ්‍රේණිගත කර ඇත.

කෙසේ වෙතත්, හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස් ශ්‍රේණිගත කිරීමේ වාර්තාවේ සටහනකින් කියැවුණේ “වසංගතය දුර්වල ලෙස හැසිරවීම සම්බන්ධයෙන් දැඩි ලෙස තරවටු කිරීමක් ලෙස සළකා” එක්සත් ජනපදය, බ්‍රසීලය සහ රුසියාව කැපී පෙනෙන ලෙස බැහැර කර ඇති බවයි.

එක්සත් ජනපදය මේ වන විට නිල දර්ශකයේ හත්වැනි ස්ථානයට පත්ව ඇත. නමුත් වර්තමාන යුරෝපා සංගම් තහනම යටතේ ඇමරිකානුවන්ට ඇත්තේ මෙක්සිකෝවේ (හෙන්ලි පාස්පෝට් දර්ශකයේ අංක 25, ලකුණු 159) සහ උරුගුවේ (අංක 28, ලකුණු 153 ක් සමඟ) පුරවැසියන්ට වැනිම වූ ගුවන් ගමන් බලපත්‍රයකි.

එලෙසම, යුරෝපා සංගමය විසින් පිළිගත් රටවල් ලැයිස්තුවට බ්‍රසීලය ඇතුළත් නොකිරීම යන්නෙන් අදහස් වන්නේ, එහි නිල හෙන්ලි ශ්‍රේණිගත කිරීම අංක 19 වුවද, යථාර්ථයට අනුව නම්, එය පැරගුවේට සමීපව සිටීම යන්නයි. එය දර්ශකයේ 36 වන ස්ථානයේ සිටින්නේ ලකුණු 142 ක් සමගිනි.

සිංගප්පූරුව හෙන්ලි ශ්‍රේණිගත කිරීම තුළ ඇත්තේ අංක දෙකෙහි වුණත් එය යුරෝපා සංගම් ලයිස්තුවේ එම ස්ථානයේ නොමැත්තේ ජපානය, දකුණු කොරියාව සහ ජර්මනිය තරමටම සංචාරක නිදහසක් නොමැති බව හඟවමිනි.

හෙන්ලි ඇන්ඩ් පාට්නර්ස් හි සභාපති මෙන්ම සහ පාස්පෝට් ශ්‍රේණිගත කිරීමේ නව නිපැයුම්කරු වන ක්‍රිස්ටියන් එච්. කීලින් පවසන්නේ “අප දැනටමත් දැක ඇති පරිදි, සංචාරක නිදහසට වසංගතයෙන් ඇති බලපෑම මුලින් බලාපොරොත්තු වූවාට වඩා දරුණු හා දිගු කල් පැවතුණු බවයි. යුරෝපා සංගමයේ මෙම නවතම තීරණයෙන් ඇඟවෙන්නේ ද ඉදිරියේදී තවත් එහි නැගී සිටීම් ඇති බවය.” යනුවෙනි.

2020 වසරේ හොඳම විදේශ ගමන් බලපත්‍ර:

1. ජපානය (ගමනාන්ත 191)
2. සිංගප්පූරුව (190)
3. දකුණු කොරියාව, ජර්මනිය (189)
4. ඉතාලිය, ෆින්ලන්තය, ස්පාඤ්ඤය, ය, ලක්සම්බර්ග් (188)
5. ඩෙන්මාර්කය, ඔස්ට්‍රියාව (187)
6. ස්වීඩනය, ප්‍රංශය, පෘතුගාලය, නෙදර්ලන්තය, අයර්ලන්තය (186)
7. ස්විට්සර්ලන්තය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, නෝර්වේ, බෙල්ජියම (185)
8. ග්‍රීසිය, නවසීලන්තය, මෝල්ටාව, චෙක් ජනරජය (184)
9. කැනඩාව, ඕස්ට්‍රේලියාව (183)
10. හංගේරියාව (181)

නරකම විදේශ ගමන් බලපත්‍ර:

ලොව පුරා රටවල් 40 කට වඩා අඩු ගණනකට වීසා රහිත හෝ ස්ථානීය වීසා බලපත්‍ර ලබා ගැනීමේ ප්‍රවේශය ඇති රටවල් වන්නේ:

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


103. උතුරු කොරියාව (ගමනාන්ත 39)
104. ලිබියාව, නේපාලය, පලස්තීන දේශ සීමාව (38)
105. සෝමාලියාව, යේමනය (33)
106. පකිස්ථානය (32)
107. සිරියාව (29)
108. ඉරාකය (28)
109. ඇෆ්ගනිස්ථානය (26)

Exit mobile version