ගමට යන්න බැරි මන්ත්‍රීවරු කථානායකගෙන් හෝටල් කාමර ඉල්ලති

Mahinda Yapa Abewardana

ඉන්ධන අර්බුදය හේතුවෙන් ගම්බිම්වල යෑමට නොහැකි මන්ත්‍රීවරුන් කොළඹ හෝටල් කාමර වෙන් කර දෙන මෙන් තමාගෙන් ඉල්ලීම් කර ඇතැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන ලබා දීමේදී ප්‍රමුඛත්වයක් ලබා දෙන බවට ප්‍රසිද්ධ වීම හේතුවෙන් ජනතාව අතර නොසන්සුන්තාවයක් ඇති වී ඇතැයි නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මතු කළ ගැටළුවකට පිළිතුරු වශයෙන් කථානායකවරයා මේ බව පැවසීය.

ප්‍රසන්න රණතුංග මහතා පැවසූවේ මන්ත්‍රීවරුන් ඉන්ධන වරප්‍රසාද ඉල්ලා නොමැති නිසා එවැනි විශේෂත්වයක් අවශ්‍ය නොවන බවත් එවැනි ප්‍රචාර සමාජය තුළ ප්‍රචාරය නොකරන ලෙසත් ය.


අමාත්‍යවරයාට පිළිතුරු දුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ අසූ ගණන්වල සේම යුද්දය කාලේදීත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවශ්‍ය ඉන්ධන ලබා දීමට ප්‍රමුඛත්වය ලබා දුන් බවයි. මෙරවත් ඒ අනුව ක්‍රියා කරන බවත් පාර්ලිමේන්තුව නොමැති දිනවල එවැනි ප්‍රමුඛත්වයක් නොමැති බවත් අග්‍රමාත්‍යවරයා සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙහිදී කථානායකවරයා, වාහනවලට ඉන්ධන ලබා ගැනීමට නොහැකි නිසා ගම්බිම්වලට යෑමට නොහැකිව සිටින මන්ත්‍රීවරුන්ට නැවතීමට හෝටල් කාමර වෙන් කර දීම සම්බන්ධයෙන් මතු කළේය.

Exit mobile version