ගජේන්ද්‍ර කුමාර්ට හා ඔහුගේ පක්ෂ ලේකම්ට අධිකරණයෙන් නොතීසි…

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්...

දිනසේන රතුගමගේ –

අකිල ඉලංකෙයි  තමිල් කොංග්‍රස් පක්ෂයේ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්  මන්ත්‍රීවරයා සහ එම පක්ෂයේ ලේකම්වරයා අධිකරණය මගහැරීම නිසා ඔවුන් දෙදෙනාට වහාම යාපනය අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඊයේ ( 18 ) නොතීසි නිකුත් කොට තිබේ.

යාපනය  මහේස්ත්‍රාත් පීටර් එම් පෝල්  එසේ නොතීසි නිකුත් කොට ඇත්තේ අකිල ඉලංකෙයි  තමිල් කොංග්‍රස් පක්ෂයේ යාපනය මහ නගර සභාව නියෝජනය කරන   මන්ත්‍රීවරයෙකු වන කේ.මනිවන්නන්   විසින් ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ට  සහ එම පක්ෂයේ ලේකම්  ඒ.ආනන්දරාසා යන දෙදෙනාට එරෙහිව පවරණ ලද  නඩුවක් සදහා දෙදෙනාම පෙනී නොසිටීම නිසාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අකිල ඉලංකෙයි  තමිල් කොංග්‍රස් පක්ෂයේ  අභ්‍යන්තර ආරවුලක් මත  එම නඩුව පනවා තිබුණද  විත්තිකරුවන් දෙදෙනාම කිසිදු හේතුවක් නොදන්වා  අධිකරණයට  නොපැමිණීම නිසා  නොතීසි නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා මෙම අධිකරණ නියෝගය ඔවුන් වෙත බාර දී එහි පිටපත් ඔවුන්ගේ නිවාස හා කාර්යාල වල අලවන ලෙසටද  නියෝග කොට තිබේ.


 

Exit mobile version