කෝටි 40ක කුඩු තොගය කුඩු සළිඳුගේ…. සඟවා ඇත්තේ හමුදා සාමාජිකයෙකුගේ නිවසේ…

සළිඳුගෙ කුඩු ඇද්දේ හමුදාවෙන්... මීට කලින් කොටු වුණ කුඩු තොගය ඇද්දේ බ්‍රිගේඩියර් කෙනෙකුගෙ වාහනේක...

international_drug_trafficking-

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බණ්ඩාරගම රේණුකානේ පිහිටි නිවසකින් අද අලුයම සොයාගත් හෙරොයින් කිලෝ 40 හිමිකරු කුඩු සලිඳු බව විමර්ශන වලින් හෙළිවී තිබේ.

එම මත්කුඩු තොගය සඟවා තිබී ඇත්තේද හමුදා සාමාජිකයෙකුගේ නිවසකය. මෙයට පෙරත් කුඩු සලිඳු ගේ මත්කුඩු හමුදාවේ බ්‍රිගේඩ්යර් වරයෙකු පරිහරණය කරන සුභෝපභෝගී වෑන් රථයක ප්‍රවාහණය කිරමින් තිබියදී වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය.

එම මත්කුඩු තොගය යුහ අංක තහඩු ඇතිව හමුදා නිල ඇදුමින් බ්‍රිගේඩියර් වරයාගේ රියදුරු සහ සහායකයා විසින් ප්‍රවාහනය කර තිබුණි.

මෙම මත්කුඩු තොගයත් හමුදාවේ සාමාජිකයාගේ නිවසේ සඟවා ඇත්තේ කුඩු සලිදු එක්සත් එමීර් රාජ්‍යයේ දුරකතන අංකයකින් ලබාදුන් ඇමතුමකට අනුවය.

එම මත්කුඩු තොගය එක් ස්ථානයක සිට මෙම ස්ථානයට රැගෙන ගොස් ඇත්තේ එම හමුදා සාමාජිකයාගේ නැන්දාගේ පුතා බවට තොරතුරුද විමර්ශන නිලධාරීන්ට ලැබී ඇත.

Exit mobile version