කෝටි 2 බැගින් කප්පම් අරන් නව සුරාසල් බලපත්‍ර 200ක් දෙන්න රජය සූදානම්… විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි!

රුපියල් කෝටි දෙක බැගින් අල්ලස් ගනිමින් නව සුරාසල් බලපත්‍ර 200ක් ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි තමන් වගකීමෙන් හෙළිදරව් කරන  බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ( 19) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු ප්‍රකාශ කළේ මෙසේ ලබා දීමට සැලසුම් කර ඇති  FL4 බලපත්‍ර 15ක් දැනටමත් ලබා දී තිබෙන බවය. ඒ බලපත්‍ර නිකුත් කිරිම සඳහා සුරාබදු කොමසාරිස්වරයා පත් කරගෙන ඇතැයි ද විපක්ෂ නායකවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඡන්දයක් ආසන්නයේ සිදුවන මෙවැනි අකටයුතු වහාම වැළැක්විය යුතු බව ද විපක්ෂ නායකවරයා කීවේය.

Exit mobile version