කෝටි 150ක වත්කම්වල තහනම ඉවත් කරන්නැයි දෙමටගොඩ රුවන් අධිකරණයෙන් ඉල්ලයි!

අධිකරණය මඟින් විකිණීම හා අන් සතු කිරීම තහනම් කර ඇති රුපියල් කෝටි 150කට අධික වටිනාකමකින් යුත් තම දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු බව කියන සිරිනාත පතිරණගේ රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් නමැත්තා නීතිඥයන් මඟින් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල   ඉදිරියේ නීතිඥ ගාමිණි අල්විස්   මෝසමක් ගොනු කරමින් සඳහන් කර සිටියේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මුදල් විශුද්ධිකරණ පනත යටතේ මේ දේපළ විකිණීම හා පැවරීම තහනම් කරමින් නියෝගය ගෙන වසරකට වැඩි කලක් ගත වී ඇති බවයි. ඒ අනුව මේ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදු කරන ලෙස දැනුම් දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා, මේ නඩුව ජූනි 27 දා තෙක් කල් තැබීය.

රේන්ජ් රෝවර් වර්ගයේ වාහන දෙකක්, BMW වාහන තුනක් සහ රුපියල් 20,679,650ක් වටිනා රන් ආභරණ ඇතුළු දේපළ මෙලෙස අත්හිටුවා ඇති බව අධිකරණයේදී කරුණු වාර්තා විණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සිද්ධියට අදාළව රුවන් චමිල යන අයට එරෙහිව රුපියල් 132,429,650ක් නීති විරෝධි අන්දමින් උපයා ශ්‍රී ලංකාවේ ආයෝජනය කර මුදල් විශුද්ධි කරන පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වර­දක් සිදු කර ඇති බව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරනු ලැබ ඇත. – දිනමිණ


Exit mobile version