කෝටි හතලිහක් වටිනා බත්තල් තුනක් වැඩක් නොගෙන දිරාපත් වෙන්න ඇරලා..

කීර්ති ප්‍රනාන්දු –

රුපියල් කෝටි 40ක් වටිනා බත්තල් තුනක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ත්‍රී කුණාමලය වරායේ රඳවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී අනාවරණය වී තිබේ.

පුත්තලම ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු ප්‍රවාහනය කිරීම සඳහා මෙම බත්තල් මිලදී ගෙන ඇති බව පැවසේ.

එසේම තවත් රුපියල් කෝටි 38කට අධික වියදමක් කර මෙමබත්තල් තුනේ සේවා කටයුතු සඳහා මිලදී ගෙන තිබුණු ඉතා වටිනා ටග් බෝට්ටු දෙකක් ද, ලයින බෝට්ටුවක් ද කිසිදු ප්‍රයෝජනයකට නොගෙන ඇතැයි ද අනාවරණය වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වටිනා බත්තල් තුන උපයෝගී කරගනිමින් ලංකා නැව් සංස්ථාව මගින් ගල් අඟුරු ගොඩබෑම ටික කාලයක් සිදුකර ඇති බවත් පසුව මෙම බත්තල් තුන ගල් අඟුරු ගොඩබෑමට සුදුසු නැතැයි පවසා එම ගල් අඟුරු ගොඩබෑම පුද්ගලික ආයතනයකට  ලබා දී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන නිලධාරීන් කෝප් කමිටුවට පවසා ඇතැයි වාර්තා වේ.

Exit mobile version