කොළඹ සියලු රෝ්හල්වල ආරක්ෂාව තර වේ

24 - 25 දෙදින තුළ රෝහල්වෙත පැමිණෙන පුද්ගලයන් ගැන විශේෂ අවධානයක්...

ශ්‍රියානි විජේසිංහ –                                            

කොළඹ නගරයේ සියලුම රෝහල්වල ආරක්ෂාව තර කරන මෙන් රෝහල් අධ්‍යක්ෂවරුන්ට පොලීසිය දැනුම් දී තිබේ.

මුළු දිවයිනටම ඇදිරීනීතිය බලපැවැත්වෙන දිනයක් දෙක තුළ (24 , 25 ) රෝහල්වල පැමිණෙන රෝගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට හා අනවශ්‍ය ලෙස රෝහල්තුලට  පුද්ගලයින් පැමිණීම සීමා කිරීමේ අරමුණින් මෙම දැනුම් දීම කර ඇතැයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන ගජනායක මහතා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනු වෙනදාට  ආරක්ෂාව ලබා නොදෙන රෝහලේ ඇතැම් ස්ථානයන් වෙතද ආරක්ෂාව ලබා දිමට කටයුතු කළ බවද වෛද්‍ය ගජනායක මහතා පැවසීය.


 

Exit mobile version