කොළඹ සිට පැමිණි කාන්තාවන් 02ක් කෝපායි ගණිකා නිවසයක දී අත් අඩංගුවට

දිනසේන රතුගමගේ –

නත්තල් සමයේදී කොරෝනා උවදුරද නොතකා කොළඹ සිට යාපනයට පැමිණ ගණිකා වෘත්තියේ නිරතව සිටි කාන්තාවන් දෙදෙනෙකු කෝපායී පොලීසිය විසින් 24  දා පිරිමින් තුන්  දෙනෙකු සමග අත් අඩංගුවට ගෙන තිබේ.

යාපනය  පොන්නාලේකඩ්ඩුවාන් ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වා ගෙන යන බවට  පොලීසියට ලද තොරතුරක් මත පොලීසිය නිවසක් වටලා මේ පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ගණිකා නිවාසය පවත්වා ගෙන ගිය පුද්ගලයා හා කාන්තාවන්ගේ සේවය ලබා ගැනීමට පැමිණි පිරිමි පුද්ගලයින් දෙදෙනාද සමග සැකකරුව පස් දෙනාම අධිකරණ නියෝග මත  නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කොට ඇති අතර ඔවුන්ව 2021 ජනවාරී මස 8 වෙනිදා  අධිකරණය වෙත ඉදිරිපත් කරණ ලෙසටද යාපනය මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.


Exit mobile version