කොළඹ මහනගර සභාවට යළි කොරෝනා අවදානමක්

කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ඇතුළු නාගරික මන්ත්‍රීවරු යළි කොරෝනා ආසාදිතයින් බවට පත්වීමේ දැඩි අවදානමක් මේ වන විට ඇති වී තිබේ.

මෙම තත්ත්වය ඇතිවී තිබෙන්නේ කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ට කොවිඩ් වෛරසය ආසාදිත වී රෝහල් ගතවීමත් සමග බව කොළඹ මහ නගර සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අද සවස ලංකාසරට පැවසීය.

නගර සභාවේ මාසික රැස්වීම පසුගිය 30 වෙනිදා සවස පැවැති අතර එම රැස්වීමට කොරෝනා ආසාදනය වී දැනට රෝහල්ගතකර සිටින මන්ත්‍රීවරයාද සහභාගී වී සිට ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නගර සභා බල ප්‍රදේශයේ දැඩි කොරෝනා අවදානමක් මතුව ඇති බැවින් එම මාසික රැස්වීම නොපවත්වන ලෙස නගර සභාවේ මන්ත්‍රීවරු රැසක් කර තිබූ ඉල්ලීම නොසලකා හරිමින් නගරාධිපතිනිගේ ඒකමතික තීරණයට අනුව මෙම රැස්වීම කැඳවූ බව ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙක් ලංකාසරට පැවසීය.

Exit mobile version