කොළඹ නව කුලපතිට එරෙහිව වෛද්‍ය විද්‍යා පීඨ ආචාර්යවරු අවි අමෝරති

කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් තම සංවිධානය දැඩිසේ අවධානය යොමුකරන බවත් එම පත්වීම නොගැලපෙන හෙයින් ඒ පිළිබඳව යළිත් සලකා බලන ලෙසත් කොළඹ විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

එම සංගමයේ සභාපති මහාචාර්ය සුදර්ශණී වාහලතන්ත්‍රී සහ ලේකම් වෛද්‍ය චතුරි සුරවීර විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකට අනුව ඔවුන් සඳහන් කර ඇත්තේ විශ්ව විද්‍යාලයේ කුලපති තනතුරු දැරිය යුත්තේ සියලු දෙනාගේ ගෞරවයට හා පිළිගැනීමට ලක්වන උගත් බුද්ධිමත් ශික්ෂණයක් ඇති පුද්ගලයෙකු බවයි.

එබැවින් නව පත්කිරීම පිළිබඳ යළි සලකා බලන ලෙස ඔවුන් ඉල්ලා සිටී.


ඔවුන් විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේ මෙසේද සඳහන් වේ.

“කොළඹ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණිතම විශ්ව විද්‍යාලයක් වන අතර එය මේ වන විට මෙරට උසස් අධ්‍යාපන ආයතන අතර ඉතාම කීර්තියක් උසුලන ආයතනයක් ලෙසින් සැලකේ.

එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන් ලෙස මෙම ආයතනය කටයුතු කිරීම පිළිබඳ අපට ඇත්තේ අභිමානයකි. එබැවින් මෙම විශ්ව විද්‍යාලයේ කීර්තිය යම් හෙයකින් පලුදු වීමට ලක්වේ නම් ඒ පිළිබඳ අප දක්වන අදහස ඉදිරිපත් කිරීම අපගේ රාජකාරියක් ලෙස අපි විශ්වාස කරන්නෙමු.

කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති තනතුර එම කීර්තිමත් අභිමානවත් ආයතනයේ එක්තරා සංකේතයකි. මෙම උතුම් තනතුර දැරිය යුතු වන්නේ මනා අධ්‍යයන පසුබිමක් සහිත පෞඪත්වයක් සහ කීර්තියක් සහිත පුද්ගලයකු විසිනි. එම තනතුර දරන්නා විද්‍යාර්ථියෙකු බුද්ධිමතෙකු සහ වෘත්තීය තලයේ උසස් මට්ටමක වැජඹෙන්නකු සිසුන්ගේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ විශ්වවිද්‍යාල ආදි සිසුන්ගේ සහ සමස්ත ප්‍රජාවේ ගෞරවයටත් ජාතික සහ ජාත්‍යන්තර පිළිගැනීමටත් ලක් විය යුතු පුද්ගලයෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම මෙම තනතුරට පත් කරන ලද පුද්ගලයාගේ පැටිකිරිය ඉතා උසස් මට්ටමක පැවතිය යුතු අතර ඔහුගේ හැකියාවන් සහ දක්ෂතා උසස් මට්ටමක පැවතිය යුතු බව විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ආචාර්ය වරුන්ගේ අදහසයි. එබැවින් විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමය පසුගිය දා සිදා සිදු කරන ලද විශ්වවිද්‍යාල කුලපති තනතුරේ පිළිබඳ තම දැඩි අවධානය යොමු කරන අතර මේ වන විටත් තමන් මෙම පත් කිරීම පිළිබඳ යළි සලකා බලන ලෙස ජනාධිපතිවරයා වෙතින් ඉල්ලීමක් කර ඇති බව”ද සදහන් කරයි.

Exit mobile version