කොළඹ නගර සභා සීමාව තුළ ඇති හිමිකම් තහවුරු කළ නොහැකි  ඉඩම්වලට වෙන දේ…

කොළඹ නගරයේ    අයිතිය තහවුරු කර නොගත් ඉඩම් ගණනාවක් ඇති බවත්,  අසූ තුනේ කලබලවලින් පසු අත්හැරුණු එවැනි ඉඩම් යම් යම් පුද්ගලයින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බවත්  මෙම ඉඩම් සම්බන්ධව නිශ්ඡිත තක්සේරුවක් කරන   අයිතියක් නොමැති නම්  නගර සභාවට පවරා ගැනීමට බලයක් ඇති බවත්  කොළඹ මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, යූ. එල්. ටයිටස් පෙරේරා මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසුවේ

ඔහු මෙම ප්‍රකාශය සිදුකරන්නේ  කොළඹ මහා නගර සභා සීමාව තුළ පිහිටි ලියාපදිංචි නොකළ පෞද්ගලික දේපොළ ලියාපදිංචි කරන ලෙස කොළඹ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිණි දිසානායක  දේපොළ හිමිකරුවන් වෙත කළ දැන්වීම සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් කළ නිල නිවේදනය සම්බන්ධව අදහස් දක්වමිනි.

එහිදී නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වැඩිදුරටත් මෙසේත් පැවසුවේය.


“කොළඹ නගරයේ හැම ඉඩමක්ම කොළඹ නගර සභාවේ ලියාපදිංචි කරන්න ඕනි. ඒ අයිතිය තහවුරු කර ගැනීමේ ලියුම නැතුව මොකුත් අපි පාස් කරන්නේ නෑ. තමන් දැනගන්න ඕන තමන්ගේ ඉඩමේ ඔප්පු ලිව්වට පස්සේ නගර සභාවෙන් ඒ ටී ෆෝම් එක්ක දාලා නීත්‍යානූකූල විදිහට අයිතිය තහවුරු කරගන්න. අයිතිය තහවුරු කර ගත්තොත් තමයි අනාගතයේ දී තමන්ගේ ළමයින්ට වුණත් ඒ කටයුතු කර ගන්න පූළුවන් වෙන්නේ“ ඔහු කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නාගරික කොට්ඨාසවලට අදාළව මේ දක්වා ලියාපදිංචි වී නැති දේපොළ පිළිබඳව තොරතුරු කොළඹ මහ නගර සභවේ WWW.COLOMBO.MC.GOV.LK නිල වෙබ් අඩවියට පිවිස ලබාගත හැකිය.

Exit mobile version