කොළඹ නගරයේ ආපන ශාලා අරඹන්න දැඩි කොන්දේසි පැනවේ…

ශ්‍රියානි විජේසිංහ –                              

අත් සේදීම සදහා අවශ්‍ය පහසුකම් සපයා තිබීම, තේ හෝ වතුර පානය සදහා නැවත භාවිත කිරීමට නොහැකි  ප්ලාස්ටික් කෝප්ප භාවිත කිරීම , ආපනශාලාවට ඇතුළුවන්නන් ගේ මීටරයේ දුර පවත්වාගෙන යෑම, මුඛආවරණ පැළඳි පාරිභෝගිකයන් ආපන ශාලාවට ඇතුළු කරගැනීම ඇතුළු කොවිඩ් 19 වෛරස පාලනය වෙනුවෙන් පනවා ඇති උපදෙස් මාලාව නිසි ලෙස පිළි නොපදින කොළඹ නගරයේ ආපන ශාලා සහ හෝටල්වලට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි සඳහන් කලේය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව අද (1) දිනය පුරා උතුරු කොළඹ, මැදකොළඹ, බොරැල්ල,නැගෙනහිර කොළඹ හා බටහිර කොළඹ යන ප්‍රදේශයන්ගේ ආපනශාලා පරික්ෂා කිරිම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හයදෙනෙකුගෙන් යුතු කණ්ඩායම් හයක් යොදවා ඇතැයි කොළඹ මහ නගර සභාව පවසයි.

Exit mobile version