කොළඹ ජින්තුපිටිය පාර වසා දැමේ – 149ක් නිරෝධායනයට

කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ  පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ එම මාර්ගය මුළුමනින්ම වසා දමා තිබේ.

එහි වෙසෙන පවුල් 29කට අයත් 149 දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ්-19 ආසාදිත පුද්ගලයා  ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ දින 14ක නිරෝධායන ක්‍රියාවලියෙන් පසු නිවසේ සිට තවත් දින 14ක් නිරෝධායනයේ යෙදී සිටියදී ආසාදිත අයකු බව තහවුරු වී ඇත.


Exit mobile version