කොළඹ කොවිඩ් එන්නත් රුපියල් 1000 ට 1500ට විකිණෙයි…

විලි ලජ්ජයි... කුඩුකාරයන් ප්‍රාදේශීය දේශපාලකයන් අවිධිමත් එන්නත් වැඩපිළිවෙළ තුළ බලටි ගසයි....

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් මෙන්ම වෙනත් ජාවාරම් කරුවන් කොවිඩ් එන්නත් ලබාදීමේ පෝලිම්වල සිට ලබා ගන්නා අංක සහිත ටෝකනය රුපියල් 1000 – 1500 දක්වා මිලකට අලෙවි කරන බවට තොරතුරු ලැබීමත් සමග කොළඹ අවට එන්නත් මධ්‍යස්ථානවල එන්නත් ලබා ගන්නා පුද්ගලයන්ට අංක සහිත ටෝකන ලබා දීම නවත්වා දමා ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග හෙළි කරයි.

ඒ වෙනුවට එන්නත ලබා ගන්න පුද්ගලයා අදාල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ වූ ලිපිනයක් ඉදිරිපත් කළ යුතුව ඇතැයි පැවසේ.

කොළඹ ගුණසිංහපුරය ඇතුලු කොළඹ අවට එන්නත්  ලබා දෙන ස්ථානවල පෝලිම්වලට ගිය  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් මෙන්ම වෙනත් ජවාරම්කරුවන්   අංක ලබා ගෙන පෝලිමෙන් පිටත සිටින පුද්ගලයන්ට මෙසේ අලෙවි කරන බව හෙළි වීමත් සමග සෞඛ්‍ය අංශ මේ තීන්දුව ගෙන තිබේ.


“ මේ තත්වය පාලනය කරගන්න බෑ. එන්නත් මධ්‍යස්ථානයට නිශ්චිත එන්නත් ප්‍රමාණයක් නිකුත් කරනවා.  එම එන්නත් ප්‍රමාණය එන්නත් දෙන ස්ථානයකට පැමිණිමේ ප්‍රමුඛතාවය අනුව එන සෑම පුද්ගලයෙකුටම  ලබා දීම තමයි කරන්නේ. තියන එන්නත් ප්‍රමාණය තුළ පෝලිමේ ඉන්න අයව තෝරන්නෙ නැතිව පැමිණ ඇති ප්‍රමුඛතාව මත ටෝකන් එක්ක දෙන්න බැඳිලා ඉන්නවා. ටෝකන් එක දෙන්න කලින් කිසිම අනන්‍යතාවයක් සහතික කරන්නෙ නෑ. එන්නත ලබා දුන්නට පස්සේ ලබා ගත් අයගේ නම ලිපිනය දුරකථන අංකය සටහන් කරගැනීමයි කරන්නෙ. “

“ මේ තත්වය ඇතුළෙ කුඩු කාරයන්ගෙන් විතරක් නෙමෙයි ප්‍රාදේශීය දේශපාලකයන්ගෙන්   එන බලපෑම දරාගන්න බෑ. දේශපාලකයෝ තම තමන්ගේ බලය යොදලා කලින් ටෝකන් අරන් තමන්ගෙ බල ප්‍රදේශවල පාක්ෂිකයන්ට බෙදනවා. ඔවුන් ඇවිත් පෝලිමේන් පිට ඉඳන් එන්නත් විදගෙන යනවා. දවසම  වතුර පොදක් නැතිව පෝලිමේ ඉන්න මිනිස්සු අන්තිම අසරණයි. අපිත් අසරණයි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ  එන්නත්කරණ වැඩසටහනේ සිටි සෞඛ්‍ය නිලධාරියෙක් ලංකාසරට පැවසුවේය.   තත්වය මේ ආකාරයනේ නම් තමන් මෙම වැඩපිළිවෙළන් ඉවත් වන බව මීට පෙර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය රජයට අනතුරු හඟවා තිබිණි.

Exit mobile version