කොස්ගොඩ තාරක ඇතුළු රැඳවියන් හතරක් සහ සීඅයිඩී නිලධාරීන්ට ඩෙංගු ප්‍රහාරයක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් ලෙස සැලකෙන කොස්ගොඩ තාරක ඔහුගේ සහෝදරයා ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයන් සිව්දෙනකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකුද ඩෙංගු රෝගය වැළඳීම හේතුවෙන් රෝහල්ගත කර ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ලංකාසරට පැවැසීය.

මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකුට උණ රෝග ලක්ෂණ පැවතීම හේතුවෙන් සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ඔවුන්ට ඩෙංගු වෛරස ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇති අතර පසුව රැඳවුම් නියෝග මත රඳවා සිටි මෙම සැකකරුවන්ටද රෝගය වැලඳී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පරිශ්‍රය සහ ඒ අවට රෝග කාරක වෛරස දරන මදුරුවන් ඇති බවට මේ අනුව විශ්වාස කරන අතර අද පෙරවරුවේ ප්‍රදේශයේ පවිත්‍රතා මෙහෙයුමක්ද සිදුව බව මෙම පොලිස් නිලධාරියා තවදුරටත් පැවසීය.


Exit mobile version