කොවිෂීල්ඩ් එන්නත් කරගන්න සෞඛ්‍යය කාර්මණ්ලවල පිරිසක් අකමැති වෙති…

නතාෂා නෙත්මිණි –                                      

කොවිඩ් 19 රෝගය මර්දනය සදහා ඉන්දියානු රජයෙන් ලැබී ඇති “ ඇස්ට්‍රා සෙනෙකා”  හෙවත් “කොවිෂීල්ඩ්” එන්නත ලාබා ගැනීමට ඇතැම්  සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් අකමැත්ත පළ කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

එන්නත ලබාගැනීමට අකමැත්ත පළ කරන කිසිදු පුද්ගලයෙකුට එන්නත බලෙන් ලබා නොදෙන බව අප කළ විමසුමකට පිලිතුරු දෙමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු සදහන් කළේය.

මෙම එන්නත  මුල් වරට  ප්‍රධානපෙළේ රෝහල්වල 6ක සේවයේ නියුතු සෞඛ්‍ය කාර්ය මණ්ඩ සාමාජිකයන්ට දෙන නමුත්  මුල් වටයේදී මෙය ලබා දෙන්නේ කොවිඩ් ආසාදිත රෝගීන් සමග සෘජුවම කටයුතු කරන අයට බවද ඔහු  වැඩිදුරටත් අනාවරණය කළේය.


ජාතික රෝහල තුල එන්නත් ලබා දීම හෙට (29) දිනයේදී ආරම්භ කරන අතර ඒ සදහා රෝහල තුල  ස්ථානයන්  5 ක් පමණ සූදානම් කරමින් පවතින බව අප කළ විමසුමකට පිළිතරු දෙමින් ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

එන්නත් ලබා දෙන ස්ථානයන් ආසන්නයේ , හදිසි ප්‍රතිකාර ඒකකයන් නිර්මාණය කරන බවත්  එනන්ත ලාබ දුන් පසු ව යම් හෙයකින්  අසාත්මිකතාවක් පැනනැගුණහොත් අවශ්‍ය ප්‍රතිකාරයන් කඩිනමින් ලබා දීමට මේ අනුව  කටයුතු කිරීමට අවශ්‍ය වෛද්‍ය කණ්ඩායම් යොදවා ඇති බවත් ඔහු පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම එන්නත ලබා දීමට පෙර එම පුද්ගලයාගේ කැමැත්ත ලිඛිතව ලබාගැනීමට කටයුතු යොදා ඇතැයිද එම ප්‍රකාශකයා පැවසීය.

 

Exit mobile version